Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

නිරූපණයෙන් රංගනය ජයගත් බොලිවුඩ් සිනමාවේ සරාගී නිළිය - Urvashi Rautela

‘හේට් ස්ටෝරි’ චිත්‍රපට මාලාව ඉන්දියානු සිනමාව තුළ මහත් ආන්දෝලනාත්මක වූ චිත්‍රපට මාලාවකි. ඒ සඳහා චෝදනා විශාල ප්‍රමාණයක් හිමිවූ බවද අමුතුවෙන...

‘හේට් ස්ටෝරි’ චිත්‍රපට මාලාව ඉන්දියානු සිනමාව තුළ මහත් ආන්දෝලනාත්මක වූ චිත්‍රපට මාලාවකි. ඒ සඳහා චෝදනා විශාල ප්‍රමාණයක් හිමිවූ බවද අමුතුවෙන් සඳහන් කළ යුතු නොමැත. වැඩිහිටියන්ට වඩාත් සුදුසු ලෙස නිර්මාණය වූ ‘හේට් ස්ටෝරි’ චිත්‍රපටයේ හතර වැන්න පසුගිය වසරේ එළිදැක්වීය. එම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහා උර්වෂි රවුටෙලා රංගනයෙන් දායක විය.

බොලිවුඩ් සිනමාවේ සිටින සරාගී නිළියන් අතරින් කෙනෙකු ලෙස ඇයව බොහෝ දෙනා හඳුන්වති. ඇය අඩ නිරුවත් දර්ශන සඳහා මීට පෙරත් දායක වී ඇති නිසා එම චිත්‍රපටයේද ප්‍රධාන චරිතය ඇයට හිමි විය.

කෙසේ වුවත් නවක නිළියක් වන ඇය ක්ෂේත්‍රයට ප්‍රවිශ්ඨ වූයේ නිරූපිකාවක් වශයෙනි. ඇයව සමාජ වෙබ් අඩවි ඔස්සේ බොහෝ දෙනා විවේචනය කරනු ලබයි. නැවත ඇය පිළිබඳව කතාබහ කරනු ලබන්නේ මේ වසරේදී ඇය රංගනයෙන් දායක වන චිත්‍රපටයක් එළිදැක්වීමට නියමිතව තිබීම නිසාවෙනි. Pagalpanti නම් එම චිත්‍රපටයේ ප්‍රචාරක පටය පසුගියදා එළිදැක්වීමත් සමග උර්වෂි පිළිබඳව කතාබහ කිරීමට ඉන්දියානු මාධ්‍ය මුල පිරීය. ඒ එම චිත්‍රපටයේදී ඇයගේ සරාගී දර්ශන නිසාවෙනි. මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා අනිල් කපූර් , ජෝන් ඒබ්‍රහම්, ඉලෙනා ඩී කෘස් සහ උර්වශි රවුටෙලා රංගනයෙන් දායක වෙයි.

උර්වෂි රවුටෙලා සිනමා ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වූයේ 2013 වර්ෂයේදී ‘සින්ග් ෂාබ් ද ග්‍රේට්’ හරහාය. එම වර්ෂයේ ඇයට රංගනය සඳහා වරම් හිමිවූයේ එම චිත්‍රපටය සඳහා පමණි. ඉන්පසුව ඇයට 2014 දී චිත්‍රපටයක් සඳහා අවස්ථාව ලැබුණි. ඉන්පසුව 2014 වර්ෂයේදී එළිදැක්වූ අන්තර්ජාතික වීඩියෝ ගීත ඇල්බමයක් සඳහා දායක වීමටද ඇයට අවස්ථාව හිමිවිය.

2015 වර්ෂයේදී ඇයට චිත්‍රපට 3ක් සඳහා වරප්‍රසාද හිමිව තිබේ. ඔක්තෝම්බර් මාසයේ එළිදැක්වූ ‘මිස්ටර් අයිරාවාටා’ චිත්‍රපටය හරහා ඇය නැවතත් ප්‍රේක්ෂකයන් අතරට පැමිණෙන ලදී. 2016 දී ඇයව බොහෝ ප්‍රසිද්ධියට පත් වූ චිත්‍රපට වූයේ ‘සනම් රේ’ චිත්‍රපටයද, විවේක් ඔබරෝයි සමග රංගනයෙන් දායක වූ ‘ග්‍රේට් ග්‍රෑන් මස්ති’ චිත්‍රපටයයි. 2018 වර්ෂයේදී ඇය රිතික් රෝෂන් ප්‍රධාන රංගනයට දායක වූ ‘කාබිල්’ චිත්‍රපටය සඳහා දායක විය. 2018 වසරේදී ඇයගේ ‘හේට් ස්ටොරි 04’ වැන්න එළිදැක්විය.

සිනමා නිළියක් වීමට ප්‍රථමයෙන් ඇය නිරූපිකාවක් ලෙස බොහෝ කටයුතු කරන ලදී.

එහිදී චිත්‍රපට කර්මාන්තයට යොමුවීමට මූලික අඩිතාලම වූයේ නිරූපණ වෘත්තිය බව ඇය සඳහන් කරයි. 2011 වර්ෂයේදී ‘මිස් ටුවර්රිසම් කුයීන් ඔෆ් ද ඉයර්’ ලෙස චීනයේදී ඇයව පත්කෙරුණි. ඒ වනවිට ඇයගේ වයස අවුරුදු 17කි. 2011 වර්ෂයේදී දකුණු කොරියාවේදී ‘මිස් ඒසියන් සුපර් මොඩල්’ ලෙසද නම් කෙරුණි.

2012 වර්ෂයේදී ‘මිස් යුනිවර්ස් ඉන්දියා 2012’ ලෙස කිරුළ පලඳින ලදී.

නිරූපිකාවක් ලෙස ක්ෂේත්‍රයට පැමිණි ඇය අධ්‍යාපනය පැතිකඩත් ඉතාමත් හොඳින් අවසන් කෙරූ අයෙකි. ඒ ඉංජිනේරු අංශයෙන් සහ තොරතුරු තාක්ෂණයෙන් උපාධිධාරිනියක් වීමයි.

කෙසේ වුවත් කොපමණ දක්ෂ රංගන ශිල්පියෙකු වූවත් ඇයව බොහෝ දෙනා විවේචනය කරනු ලබයි. ඒ ඇයගේ ඇතැම් චිත්‍රපට වල ඇයගේ සරාගී සහ අඩනිරුවත් රංගනය නිසා බවයි බොහෝ දෙනාගේ මතය වන්නේ.

ඩිලාන් ක්‍රිෂාන්ත













No comments