Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

මිනුවන්ගොඩ නගරයේ ඇති වූ කලහකාරී තත්ත්වයෙන් වෙළෙඳසල් රැසකට හානි

මිනුවන්ගොඩ නගරයේ පෙරේදා (13දා) රාත්‍රියේ ඇතිවූ කලහකාරී තත්ත්වයක් හේතුවෙන් කිසියම් පිරිසක් නගරයේ වෙළෙඳසල් රැසකට පහරදී හානි සිදුකර වෙළෙඳ ...

මිනුවන්ගොඩ නගරයේ පෙරේදා (13දා) රාත්‍රියේ ඇතිවූ කලහකාරී තත්ත්වයක් හේතුවෙන් කිසියම් පිරිසක් නගරයේ වෙළෙඳසල් රැසකට පහරදී හානි සිදුකර වෙළෙඳ සල් කිහිපයකට ගිනිතබා ඇති බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි.

පෙරේදා (13දා) සවස පළමුව කලහකාරීන් විසින් මිනුවන්ගොඩ නගර මධ්‍යයේ පිහිටි හෝටලයකට පොලු, යකඩ පොලුවලින් පහරදී අලාභහානි සිදුකර තිබිණි.

ඉන් අනතුරුව ලොරි යතුරුපැදිවලින් හා පයින් පැමිණි දෙදහසකට අධික පිරිසක් නගරයේ කලහකාරී ලෙස හැසිරෙමින් වෙළෙඳසල්වලට පහරදී හානි සිදුකර තිබේ. ඒ අතරවාරයේදී තවත් වෙළෙඳසල් කීපයකට ගිනි තබා විනාශ කර ඇතැයි පොලිසිය පවසයි.

තත්ත්වය පාලනය කිරීම සඳහා ගම්පහ කොට්ඨාසයේ සියලුම පොලිස් ස්ථානවලින් පොලිස් නිලධාරීන් සහ යුද හමුදා නිලධාරීන් මිනුවන්ගොඩ නගරයට කැඳවා තත්ත්වය පාලනය කිරීමට කටයුතු කර තිබිණි. ඊට අමතරව යුද හමුදා ප්‍රහාරක රථද මිනුවන්ගොඩ පොලිසිය වෙත කැඳවා තිබූ අතර ගම්පහ ගිනි නිවීමේ ඒකකයේ භට පිරිස් ගින්න නිවා දැමීමට කටයුතු කරනු ලැබීය.

සිද්ධිය සමනය කිරීම සඳහා බස්නාහිර පළාත උතුර භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ගම්පහ කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් විජේසිංහගේ මූලිකත්වයෙන් කටයුතු කරන අයුරු දක්නට ලැබිණි.

PHOTO: AFP









No comments