Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

Tamil Eelam Cyber Force වෙතින් සයිබර් ප්‍රහාරයක්. ප්‍රහාරයේ අරමුණ හමුදාපතිට අභියෝග කිරීම..

මෙරට වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ. ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය නොවන වෙබ් අඩවි ගණනාවකට සයිබර් ප්‍රහාර මාලාවක් එල්ල...

මෙරට වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය නොවන වෙබ් අඩවි ගණනාවකට සයිබර් ප්‍රහාර මාලාවක් එල්ල කොට එම වෙබ් අඩවි වල හැඩරුව හා එම වෙබ් අඩවි වල අඩංගු දත්ත වෙනස් කිරීමටත්,යම් වෙබ් අඩවි ප්‍රමාණයක් අඩපණ කිරිමත් Tamil Eelam Cyber Force යන කණ්ඩායමට හැකිවී ඇතැයි දැනගන්නට ලැබේ.

ඊයේ දිනයේදී දියත්වූ සයිබර් ප්‍රහාරයේ මුලික අරමුණ වී ඇත්තේ “ශ්‍රී ලංකාව සයිබර් ප්‍රහාර වලින් ආරක්ෂා කිරීමට 2018 වසරේ අග භාගයේදී නව හමුදා ඒකකයක් ස්තාපික කිරීමට කටයුතු කරන බව” කමාන්ඩර් ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා විසින් සිදුකරනු ලැබූ ප්‍රකාශය අභියෝගයට ලක් කිරීමට බව අනාවරණය වී ඇත.

මෙලෙස සයිබර් ප්‍රහාර මාලවල් 2014 වසරේ සිට මෙම කණ්ඩායම විසින් සිදුකරන බව අනාවරණය වී ඇති අතර පසුගිය 2017 සහ 2018 යන වර්ෂ වලදී එම සයිබර් ප්‍රහාර වල වර්ධයනක් දැකගැනීමට හැකිය.බොහෝවිට මෙම සයිබර් ප්‍රහාර වලින් වැලකි සිටීමට අදාළ අංශ වලින් නිසි පියවර ලබා නොගැනීම නිසා ඉතා පහසුවෙන්ම මෙම සයිබර් ප්‍රහාර එල්ල කිරීමට Tamil Eelam Cyber Force යන කණ්ඩායම පෙළබි ඇතැයි ශ්‍රී ලංකා පරිවර්තන සමූහය වෙත දැනගන්නට ලැබේ.

තවද මෙලෙස සයිබර් ප්‍රහාර වලට ගොදුරුවුණු වෙබ් අඩවි ප්‍රමාණය 55ක් වන බව මේවනවිට වාර්තාවන බවත් මෙම සයිබර් ප්‍රහාර කණ්ඩායම එම වෙබ් අඩවි වල අඩංගු දත්ත වෙනස් කොට ඔවුන්ගේ පණිවිඩයක් එක්කොට තිබුනු අතර ශ්‍රී ලංකා හමුදාව යුධ අපරාද සිදු කළා යන්න හැගවිමට චායාරූප කිහිපයකුත් එම වෙබ් අඩවි වලට එක් කොට ඔවුන්ගේ ගීතයක්ද වෙබ් අඩවියේ වාදනය කළහැකි ආකාරයට එක්කොට තිබිණි.

මෙලෙස සයිබර් ප්‍රහාරයට ලක්වුන වෙබ් අඩවි අතර කුවේට්, චීන තානාපති කාර්යාල වෙබ් අඩවි මෙන්ම විශ්වවිද්‍යාල වෙබ් අඩවිද ඇතුලත් බව නිරීක්ෂණය කිරීමේදී දැකගැනීමට හැකිවිය. මෙලෙස සයිබර් ප්‍රහාරයක් එල්ලවීමට හැකියාවක් තිබුණු බව අප පරිවර්තන සමූහය වෙතට දැනගැනීමට ලැබුණු බව දැක්වෙන සාක්ෂි හා සයිබර් ප්‍රහාර එල්ල වූ වෙබ් අඩවි නාමාවලිය පහතින්.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා පරිවර්තන සමුහය

No comments