Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

මාලිමා රජයක් යටතේ හේමා ප්‍රේමදාස බලාගැනීම සජිත්ටම පවරනවා

දරුවො මවුපියන් බලා ගත යුතුයි. සජිත්ගෙ මව බලාගන්නේ රජයෙන්. මාලිමාව රජයක් යටතේ මව බලාගැනීම පෞද්ගලිකව කර ගැනීමට පවරනවා’ යැයි ජවිපෙ දේශපාලන මණ්ඩ...

දරුවො මවුපියන් බලා ගත යුතුයි. සජිත්ගෙ මව බලාගන්නේ රජයෙන්. මාලිමාව රජයක් යටතේ මව බලාගැනීම පෞද්ගලිකව කර ගැනීමට පවරනවා’ යැයි ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත  පැවැසීය.

මාලිමාව බලයට ආවොත් ජනතාවගේ දේපළ, නිවාස රජයට පවරා ගන්නවා කියලා සජිත්  කියනවා. අපි කියන දෙයක් තේරුම් ගන්නවත් එයාගෙ මොළේ හොඳ නෑ යැයි ඔහු කීය.

“අපේ එක සටන් පාඨයක් තමයි “හොරා කාපු ධනය නැවත පවරා ගත යුතුයි”. මේ පවරා ගත යුතුයි යන සටන් පාඨය විරුද්ධ පක්ෂ නායක සජිත්ට තේරුම් ගන්න බෑ. මාලිමාවේ ජයග්‍රහණය දකින නිසා, ජනතාවට කියනවා මාලිමාව බලයට ආවොත් ජනතාවගේ දේපළ, නිවාස රජයට පවරා ගන්නා බවට කතාවක්. සජිත්ට තේරෙන්නේ නෑ. එහෙම නැතිනම් මොළේ හොඳ නෑ. ජනතාව කළ යුතු වැඩ අපි කරන්නේ නෑ. ජනතාවගේ ව්‍යාපාර අපි පවරා ගන්නේත් නෑ. ජනතාවගේ වැඩ ජනතාව කළ යුතුයි. 

ඔබ ඔබේ මවුපියන් බලා ගත යුතුයි. සජිත්ගේ මව බලාගන්නේ රජයෙන්. මාලිමාව රජයක් යටතේ මව බලා ගැනීම පෞද්ගලිකව කර ගැනීමට පවරනවා. මේ වගේ රජයෙන් නඩත්තු වෙන කිහිප දෙනෙක් ඉන්නවා. ඒවා අපි නතර කරනවා. ඒ වගේම පාර්ලිමේන්තු ගිහිල්ලා අවුරුදු පහටම දවස් 20ක් පාර්ලිමේන්තු වාර්තා කළ අයට විශ්‍රාම වැටුපක් ගෙවනවා. ඒ අය නඩත්තු කිරීම රජයට පවරාගෙන තිබෙනවා. මාලිමාව පාලනයක් යටතේ ඒවා අපි අත්හැර දමනවා.

No comments