Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

IMF ප්‍රධානියා සහ ජනපති අතර තීරණාත්මක සාකච්ඡාවක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සූම් යෙදවුම ඔස්සේ විශේෂ ...

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සූම් යෙදවුම ඔස්සේ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

ශ්‍රී ලංකාව අපේක්ෂා කරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය පහසුකම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් එහිදී දීර්ඝ ලෙස සාකච්ජා වී ඇත.

ඒ පිළිබඳ දැනුම් දෙමින් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ, මේ වනවිට ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ මූල්‍ය පහසුකම සම්බන්ධයෙන් ධනාත්මක සහ සුබවාදී පසුබිමක් ඊට අදාළ සියලු පාර්ශ්ව වෙතින් නිර්මාණය වෙමින් පවතින බවය.

පසුගියදා චීන අග්‍රමාත්‍යවරයා සමග පැවති සාකච්ජාවෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂවරිය ජනාධිපතිවරයා සමග මෙම සාකච්ඡාවට එක්වී තිබේ.

එමෙන්ම “බ්ලූම්බර්ග්” පුවත් සේවය පසුගියදා වාර්තා කර තිබුණේ ණය අර්බුදයට ලක්වී ඇති රාජ්‍යයන් වෙත අර්ථවත් අන්දමින් දායකවීම සඳහා බහුපාර්ශ්වික ප්‍රයත්නයන්ට සහභාගීවීමට චීනය විවෘතව සිටින බව චීන අග්‍රාමාත්‍යවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂවරියට පවසා තිබෙන බවය.

එහි වැඩිදුරටත් සඳහන්ව තිබුණේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය වැනි ණය බරින් පීඩිත රටවලට ඒකාබද්ධ ක්‍රියාමාර්ගයකට එළැඹීමට අවශ්‍ය කටයුතු සලසන බවය. 

No comments