Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

උපන් ග්‍රහචාරයේ සජිත්ට රාජයෝග තියෙනවා.. - බුර බුරා නැඟෙන ජන රැල්ලේ වැඩි වාසිය සජිත්ට

වර්තමානය තුළ අප රටේ ආර්ථික අර්බුදය වගේම දේශපාලන අර්බුදයත් සමඟම ජනතාව දැඩි පීඩාකාරී තත්ත්වයකට පත්වී ඇති මොහොතක ජනරැල්ල කොයි පැත්තකට ගමන් කරයි...

වර්තමානය තුළ අප රටේ ආර්ථික අර්බුදය වගේම දේශපාලන අර්බුදයත් සමඟම ජනතාව දැඩි පීඩාකාරී තත්ත්වයකට පත්වී ඇති මොහොතක ජනරැල්ල කොයි පැත්තකට ගමන් කරයිද යන වග තීරණය වන්නේ එක් එක් පක්‍ෂවල බල දුබලතාව මතයි. මේ පිළිබඳව ජේ‍යාතිෂ විග්‍රහයක් කිරීමේදී පක්‍ෂවල නායකත්වයේ ග්‍රහචාරය විමසිල්ලට ලක් කළ යුතුය. කොහොම වුණත් මේ වන විට රටේ ජනරැල්ල සජබයටත් මාලිමාවටත් ඇති බව නම් පැහැදිලිව දැකිය හැකිය. කරළියට පැමිණ ඇත්තේ මෙම පක්‍ෂ දෙක පමණයි. අනෙක් දේශපාලන පක්‍ෂවල සලකුණු නම් ජනතාවට අමතක වී හමාරය.

2019 වර්ෂයේදීත් මෙවැනිම ජනතා රැල්ලක් එවකට ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ගෝඨාභය මහතාට තිබිණි. එතුමා පිළිබඳව දැඩි විශ්වාසයක් ජනතාව තුළ ගොඩනැඟුණු නිසා ජනතා රැල්ල ගෝඨාභයට කැරකුණි. එදා ජනතා රැල්ල ගත් වැරදි තීරණය මුළු රටත් ජනතාවත් දැඩි ප්‍රපාතයකට ඇද වැටීමට හේතු විය. ජනතා රැල්ලෙන් ජයග්‍රහණය ලැබුවත් එය බුක්ති විඳීමට ගෝඨාභය මහතාට වාසනා බලයක් තිබුණේ නැත. 2019 එතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන විටදී එතුමාගේ හඳහන පරික්‍ෂා කර රාජ යෝග නැති බවත් රජකමට නුසුදුසු බවද මම මාධ්‍ය තුළින් ප්‍රකාශ කළෙමි. ප්‍රබල රාජ යෝගයක් නොමැති අයකු අහම්බෙන් හෝ රජ වුවත් එයින් රටට අහිතක් මිස හොඳක් සිදුවන්නේ නැත. එතුමාට දේශපාලනය තුළ සාර්ථක ගමනක් යෑමට නොහැකි වූයේ ජන්ම ග්‍රහචාරය දුර්වල නිසයි. නැවතත් ඒ වළේම වැටෙන්නේ නැතිව ජනතා රැල්ල බුද්ධිමත්ව තීරණය ගත යුතු කාලය එළැඹි තිබේ.

උපන් ග්‍රහචාරය බලවත් නැති අයකු අහම්බෙන් හෝ රටේ නායකත්වයට පත්වුවොත් ඔහුට අපල තත්ත්වය තව තවත් වැඩි වෙයි. මෛත්‍රිපාල මහතාටත් ගෝඨාභය මහතාටත් අත්වූයේ එවැනිම ඉරණමකි.

අප රටේ පසුගිය කාලය දෙස හැරී බලන විටදී ජනතා රැල්ල ගත් වැරැදි තීරණය නිසා  මුළුමහත් ජනතාවටම වන්දි ගෙවීමට සිදුවී ඇත. අද වන විටදී සජබයටත් මාලිමාව වටාත් රොක්වන ජනතා රැල්ල මේ පක්‍ෂ දෙකෙන් කවර පක්‍ෂයක් බලයට ගෙන ඒමට ක්‍රියා කරයිද යන්න ප්‍රකාශ කිරීමට පක්‍ෂ නායකයන්ගේ ග්‍රහචාරය සැලකිල්ලට ලක් කළ යුතුයි. සජිත් ප්‍රේමදාස මහතාගේ උපන් ලග්නය වෘෂභ යැයි පසුගිය කාලය තුළ ප්‍රකාශ කළත් එතුමාගේ නිවැරැදි ලග්නය මිථුන ලග්නයයි. අවු 2 1 /2ක් පුරා පැවැති අෂ්ටම හා ජන්ම ඒරාෂ්ටක අපලය 2023 ජනවාරි 17 වැනිදායින් නිමාවිය. සෙනසුරු පූර්වභාග්‍යස්ථානය තුළ බලවත්ව ගෝචරවන අතර සෙනසුරු මහ දශාව ගත කරයි. දහවැන්න අධිපතියා බලවත්ව කර්මස්ථානය තුළ ගෝචර වීමක් 2023/04/22 මේෂ රාශියට පැමිණීමත් එතුමාට හොඳය.

උපන් ග්‍රහචාරය තුළ ප්‍රබල රාජයෝග පවතී. ජයසිඳු  රාජයෝගය ගුරු උච්චබල වීම නිසාද ගජකේශරී රාජයෝගය බුධ ආදිත්‍ය යෝගය, විමලා යෝගය ආදී ප්‍රබල රාජ යෝගවලින් සමන්විතයි. එතුමාගේ ගුරු දෙවැන්න තුළ උච්චබල වීම ප්‍රබල ධන යෝගයකි. මෙම දිළිඳුකමෙන් රට බේරා ගැනීමේ ග්‍රහබලය ඇත්තේ සජිත් මහතාටයි. ඉතිහාසය තුළ කිසිම විපක්‍ෂ නායකයකු නොකළ සේවයක් කිරීමට හැකිවන්නේ උපන් ග්‍රහචාරය තුළ ධනස්ථානය බලවත් නිසයි.

අනුර කුමාර  මහතාගේ ජන්ම ලග්නය විමර්ශනය කර බලන විටදී ධනු ලග්නය හිමි එතුමාට සිකුරු ලග්නගතව සිටීම ජනතා ආකර්ෂණය ප්‍රධානත්වයට පිළිගැනීමට හේතුවකි. ගත කරන්නේ ගුරු මහ දශාව තුළ රාහු අතුරු දශාවයි. ජන්ම ඒරාෂ්ටක අපල 2025 මාර්තු 26 වැනිදා තෙක් පවතී. ධර්ම කර්මාධිපති රාජ යෝගය ඇතත්  වැය ස්ථානගතව පිහිටීම නිසා රාජ යෝගයේ ප්‍රතිඵල අවම කරයි. එතුමාට වාසනාව පෙනි පෙනී අපේක්‍ෂාවන් නිෂ්ඵල කරන පිහිටීමක් පවතී. 2023/04/22 පසුව කාලය හොඳ නැත. ගුරු මේෂ රාශි ගත වීම නිසා දැනට ඇති ජනතා රැල්ල වෙනත් පැත්තකට ගමන් කිරීමට පුළුවන. සජබය අභිභවා යෑම දුෂ්කර වන අතර මාලිමාවට විපක්‍ෂය හිමි වීමට ඉඩකඩ පවතී.

ප්‍රවීණ ජේ‍යාතිෂවේදී - සරත්චන්ද්‍ර බෝතලාගෙ - 071 3660379

No comments