Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

මං ගාව කයිවාරු නැහැ. කියන දේ ඒ විදිහටම කරලත් පෙන්වනවා – සජිත් (VIDEO)

කුරිරු ත්‍රස්තවාදයක් නිසා තමාට පියා අහිමි වුණා සේ පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් වූ පවුල් රාජපක්ෂලා විසින් අනාථ කළ බවත් පාස්කු ප්‍රහාරයට සම්බන...

කුරිරු ත්‍රස්තවාදයක් නිසා තමාට පියා අහිමි වුණා සේ පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් වූ පවුල් රාජපක්ෂලා විසින් අනාථ කළ බවත් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනා නීතිය හමුවට ගෙන එන බව පැවසුවත් බලයට පත් වූ දින සිටම කළේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දේවල් යටගැසූ බවත් සමහර පරීක්ෂණ වාර්තා ජාතික ආරක්ෂාව කියා එළියට නොදුන් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එබැවින් මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු ම දෙනා නීතිය හමුවට ගෙන එන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට සමගි ජන බලවේග රජයක් යටතේ දේශීය මෙන්ම විදේශීය දක්ෂම ආරක්ෂක ආයතන සම්බන්ධ කර ගන්නා බවත් කුමන ත්‍රස්තවාදී ක්‍රියාවන් කරන අයට අනිවාර්යෙන් මරණිය දණ්ඩනය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මරණීය දණ්ඩනය ලබා දීම ලිබරල් මතවාදයට විරුද්ධයැයි පවසන අයට කියන්න ඇත්තේ කුඩු, මත්ද්‍රව්‍ය නිසා පාසල් සිසුන් පවා ඊට ගොදුරු වී ඇති බවත් එබැවින් සිංගප්පූරුවේ පවතින නීති ගෙනවිත් මත්කුඩු ජාවාරමේ යෙදී සිටින අය විනාශ කරන බව ද පැවසීය.

මීට පෙර සිටි නායකයෝ මෙන් ටෙලිෆොන්ටර් ඉදිරිපිට සිට කතා කිරීම, යම් අයකුගේ අධීක්ෂණය යටතේ කතා කිරීම, කතාවෙන් පසු සංස්කරණය කර කතාව නැවත සකස් කිරීම ආදිය තමා ළඟ නොමැති බවත් තමා කියන හැමදේම හදවතින් එන අදහස් බවත් ගමේ භාෂාවෙන් කියනවා නම් බොක්කෙන්ම එන අදහස් බවත් මේ කියන හැමදේම අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.

එසේම නාගරික සංවර්ධන අධිකාරිය වත්තල ජාඇල කටාන මීගමුව වැනි බල ප්‍රදේශවල දසදහස් ගණන් අක්කර ප්‍රමාණයක් බලහත්කාරයෙන් අයිති කර ගන්න යන්න මොහොතක මේ සඳහා මෙතෙක් විරෝධය පෑවේ කාදිනල්තුමා සහ සමගි ජන බලවේගය බවත් එහි ප්‍රතිඵලයක් ලෙස එම භූමිය ජනතාව වෙනුවෙන් බේරා ගැනීමට හැකි වූ බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.



No comments