Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

රෑට රෑට කැම්පස්වල හොස්ටල් චෙක් කරන්න එනවා - සුරේෂ් රාඝවන්

නේවාසිකාගාර තුළ නවක වදය වැළැක්වීම සඳහා රාත්‍රී කාලයේ විශ්වවිද්‍යාල නේවාසිකාගාර පරීක්ෂා කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළ බව උසස් අධ්‍යාපන රාජ...


නේවාසිකාගාර තුළ නවක වදය වැළැක්වීම සඳහා රාත්‍රී කාලයේ විශ්වවිද්‍යාල නේවාසිකාගාර පරීක්ෂා කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළ බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා පවසයි.

ඔහු ඊයේ මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ රට පුරා සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාලවලට සිසුන් 168,000ක් බඳවාගෙන අවසන් බවයි.

රාත්‍රී 12.00 උදෑසන 5.00 ත් අතර කාලයේ නේවාසිකාගාර තුළ නවක වදය බහුලව සිදුවන බවට ලැබුණු තොරතුරු හේතුවෙන් මෙම තීරණය ගත් බව ඔහු පැවසීය.

මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමත් සමඟ හිංසන ක්‍රියාකාරකම්වල පැහැදිලි අඩුවීමක් දක්නට ලැබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා පවසා තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ (කළමනාකරණ පීඨයේ) සිසුවෙක් 2020 මාර්තු 5 වැනි දින පළමු වසරේ සිසුන් සඳහා සංවිධානය කර තිබූ සාදයක් අතරතුරදී මාරාන්තික තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තීරණය ප්‍රකාශයට පත් කරන ලදී.

මීට වසර තුනකට පෙර මාරාන්තික තුවාල ලැබූ පෙත්සම්කරුවෙකු ඇතුළු පළමු වසරේ සිසුන්ට නවක වදය දුන් ජ්‍යෙෂ්ඨ සිසුන්ට එරෙහිව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාට මීට පෙර නියෝග කරනු ලැබීය.

No comments