Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

‘‘මහින්ද බුදුන්ගේ නෑයෙක් කියලා ජැක්සන් කිව්වේ නැහැ..’ මහාචාර්ය සුනිල් ආරියරත්න

දශක හතරකට වැඩි කලක් රැඟුමෙන් ගැයුමෙන් මෙන්ම දැනුමෙන්ද ශ‍්‍රී ලාංකීය ජන සමාජය පෝෂණය කළ සකල කලා සක්විති ජැක්සන් ඇන්තනී කලාකරුවා ඊයේ (12)  සන්ධ...


දශක හතරකට වැඩි කලක් රැඟුමෙන් ගැයුමෙන් මෙන්ම දැනුමෙන්ද ශ‍්‍රී ලාංකීය ජන සමාජය පෝෂණය කළ සකල කලා සක්විති ජැක්සන් ඇන්තනී කලාකරුවා ඊයේ (12)  සන්ධ්‍යාවේ දී දෙව් මව් තුරුලේ සැතපුණේ ය.

ඊයේ (12) දහවල් 2.00 ට පමණ කඩවත පිහිටි ඒ මහතාගේ නිවසෙන් පිටත් වූ දේහය රැගත් රිය පෙරහැර දස දහස් ජන සන්නිපාතයක් පෙරටු කොටගෙන රාගම ශුද්ධවූ පේදුරු පාවුළු දේවස්ථානය වෙත පැමිණියේය. 

මෑත කාලයේ දී කලාකරුවකු අවසන් ගමනේ දී මෙතරම් ජන බුහුමනට ලක් වූ අවස්ථාවක් නොමැති තරම්ය. 

රිය පෙරහැර පැමිණෙන මාර්ගය දෙපස රැඳී සිටි විශාල පිරිසක් ඒ මහතාගේ දෙණ රැගත් අවමංගල්‍ය රථයට මල් ඉසිමින් සිය අවසන් ගෞරව පළ කළහ.

රාගම ශුද්ධවූ පේදුරු පාවුළු දේවස්ථානය වෙත රිය පෙරහැරකින් රැගෙන ආ ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය එහිදී සහෝදර කලාකරුවන් විසින් භාරගෙන දේවස්ථානය වෙත ගෙන යන ලදී.

අනතුරුව එම දේවස්ථානය තුළ දී කිතුනු පියතුමන්ලා විසින් ජැක්සන් ඇන්තනී මහතා වෙනුවෙන් විශේෂ දේව මෙහෙයන් සිදු කරන ලදී.

අනතුරුව පැවැති අවමංගල සභාව අමතා ගුණකථනයක් කළ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා මෙසේ කීවේය.

ජැක්සන් මරා ගැනීමේ පිපාසාවෙන් සිටි අතළොස්සක් සමාජ මාධ්‍ය කාරයන්ට අද ඉතාමත් ප‍්‍රීති දවසක් වෙනවා ඇති. ජැක්සන්ගේ නිර්මාණ සමඟ තරග කිරීමට තබා ඒවා අනුකරණය කිරීමටවත් හැකියාවක් නැති නිවටයන් පිරිසක් ඔහුගේ ප‍්‍රතිරූපය විනාශ කිරීමට විවිධ බොරු ප‍්‍රචාර සමාජගත කළා. අද ඒ සියල්ලටම මා පිළිතුරු දෙනවා. ජැක්සන්ගේ දේහය වළ දැමීමට කලින් ඔහුගේ ඇෙඟ් ගල්වන ලද කුණු සෝදා හැරීම අපගේ යුතුකමක්. ඔහු අනතුරට පත් වෙලා රෝහල්ගත කළ පසු සමහර කුහකයන් සොයා බැ ̈වේ ජැක්සන් ගැන නෙවෙයි, ඔහුගේ වාහනය හැපුණු අලියා ගැනයි. 2011 කළ අලි සංගණනයට අනුව ලංකාවේ වන අලි ගහනය පන්දාහකට වැඩියි. නමුත් ජැක්සන්ලගේ ගහනය එකයි.

විවිධ ආණ්ඩු වලින් කලින් කලට වරදාන ලබාගත් කලාකරුවන් සිටිනවා. සමහරුන්ට ගෙවල් දුන්නා, වාහන දුන්නා. නමුත් ජැක්සන් කිසිම ආණ්ඩුවකින් එකම බිම් අඟලක්වත් අරගෙන නෑ. ඔහු අනතුරට පත් වන විට පදවාගෙන ගියේ අවුරුදු විසි හයක් පැරණි ඔහුගේ කැබ් රථයයි. රාජපක්ෂ රජයෙන් ජැක්සන් වරදාන ගත්තා කියන අමූලික බොරුව ඔහුගේ ප‍්‍රතිරූපය විනාශ කිරීමට ගොතන ලද එකක් පමණයි. ජැක්සන් ඇන්තනී කියන්නේ මේ රටේ දුප්පත් කලාකරුවන් කිහිප දෙනාගෙන් එක් අයකු බව මා හොඳාකාරවම දන්නවා. වේදිකාව සිනමාව මෙන්ම රූපවාහිනිය යන ක්ෂේත‍්‍ර තුනම අතික‍්‍රමණය කළ එකම කලාකරුවා ජැක්සන් ඇන්තනී පමණයි.සකල කලාවන් තුළ සිය ප‍්‍රතිභාව විහිදුවා ලූ ජැක්සන් වැනි යුග පුරුෂයෙක් තවත් කල්ප කාලයකට බිහි නොවන බව සක්සුදක්සේ පැහැදිලියි.



No comments