Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

විදුලි බිඳවැටීමට වගකිව යුත්තේ ඉංජිනේරුවරුන් බව පාඨලී කියයි

ජාතික විදුලිබල පද්ධතිය පාලනය කරන්නේ ආණ්ඩුව හෝ ඇමතිවරුන් නොව විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන් විසින් බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පා...

ජාතික විදුලිබල පද්ධතිය පාලනය කරන්නේ ආණ්ඩුව හෝ ඇමතිවරුන් නොව විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන් විසින් බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඇමතිවරයා මේ බව පැවසූවේ අද උදෑසන පැවැත්වූ  හෝමාගම මහා නගර සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ උත්සවයට එක්වෙමිනි.

කෙසේ නමුත් මුළු රටටම බලපැවැත්වෙන විදුලි බිඳවැටීමක් සිදුවීමට හේතුවක් නොමැති බවත් 2009න් පසු වසර 6ක් තුළ එකදු විදුලිය අඩපන වීමක් සිදුනොවී එක්වරම පසුගිය මාස 6 තුළ විදුලි බිඳවැටීම් 3ක් සිදුවීම ගැටළු සහගත බවත් ඔහු සඳහන් කළේ ය. පසුගිය වසර 10තුළ ස්වභාවික සිදුවීම් නිසා විදුලි ඇනහිටීම් 4ක් සිදු වී ඇතත් , මුළු රටටම විදුලිය ඇනහිටීමට හේතුවක් නොමැති බවත් හෙතෙම පැවසීය.

ලොකුම දේශපාලන විහිළුව වන්නේ, ප්‍රමිතියෙන් පහත් විදුලිබලාගාර ඉදිකර ප්‍රකෝටි ගණන් හොරකම් කළ  පිරිස් අද විදුලි කප්පාදුව ගැන විවිධ මත පලකිරීමක්, ලංකා විදුලිබල මණ්ඩලයේ ධනය කොල්ල කෑ පිරිස් විදුලි කප්පාදුව ගැන කතා කිරීමත් බව රනවක මහතා වැඩි දුරටත් අවධාරණය කළේ ය.


No comments