Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ඇලන් මැතිණියාරාමය සාංඝික දේපලක් නොවේ: බෞද්ධ කටයුතු කොමසාරිස්

නාරාහේන්පිට පොල්හේන්ගොඩ ඇලන් මැතිණියාරාමය විහාර හා දේවාලගම් පනත යටතේ ලියාපදිංචි වී නොමැති බව, බෞද්ධ කටයුතු කොමසාරිස් විසින් අද කොළඹ මහේස්ත්‍...

Uduwe Dhammaloka Theraනාරාහේන්පිට පොල්හේන්ගොඩ ඇලන් මැතිණියාරාමය විහාර හා දේවාලගම් පනත යටතේ ලියාපදිංචි වී නොමැති බව, බෞද්ධ කටයුතු කොමසාරිස් විසින් අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ ය.

එම නිසා, ඇලන් මැතිණියාරාමයට අයත් දේපල, සාංඝික දේපල ලෙස සැලකීමට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට නොහැකි බව, බෞද්ධ කටයුතු කොමසාරිස් විසින් අධිකරණයට ලබා දුන් වාර්තාවේ සඳහන් කර තිබිණි.

මේ පිළිබඳව අනාවරණය වූයේ, උඩුවේ ධම්මාලෝක හිමි විසින් බලපත්‍ර රහිත අලි පැටවෙකු ළඟ තබාගෙන සිටීම පිළිබඳව මහේස්ත්‍රාත් අධිකරණයේ සිදුවූ කරුණු විමසීමේදී ය.

ඇලන් මැතිණියාරාමය විහාර හා දේවාලගම් පනත යටතේ ලියාපදිංචි වී නොමැති හෙයින්, උඩුවේ ධම්මාලෝක හිමිට එරෙහිව පොදු දේපල පනත යටතේ චෝදනා ගොනුකර කර තිබේ.

No comments