Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

සීල සමාධිය වඩන්න නුඹ කළ පින් මදිද පුතේ

මල් වට්ටියක් අරන් උදෙන්ම සිල් ගන්න ගිය සාලියවැව ප‍්‍රදේශයේ පදිංචි පුංචි හේෂාන්ට සිදු වුණේ යළි නොඑන ගමන් යන්නය. ඒ, පසුගිය මැදින් පුන් පෝ...

මල් වට්ටියක් අරන් උදෙන්ම සිල් ගන්න ගිය සාලියවැව ප‍්‍රදේශයේ පදිංචි පුංචි හේෂාන්ට සිදු වුණේ යළි නොඑන ගමන් යන්නය.

ඒ, පසුගිය මැදින් පුන් පෝය දවසේ දීය. පුත්තලම සූරියවැව ප‍්‍රදේශයම සෝ සයුරේ ගිල්වමින්, මාරක රිය අනතුරකින් අවසන් ගමන් ගිය මේ පුංචි පුතුගේ වියෝව දරාගන්නට නොහැකිව මවුපියන් හඬා වැටෙන්නේය. විලාප නඟන්නේය. ඒ, මාරාන්තික රිය අනතුරකට ලක්ව අවසන් ගමන් ගිය ආර්.ඒ. ඉමල්ක හේෂාන් පුංචි පුතුගේ වියෝව දරා ගත නොහැකි වීම නිසාය.

මැදින් පුන් පෝය දා සුපුරුදු ලෙස අවදි වූ හේෂාන් සූදානම් වෙන්නේ සිල් සමාදන් වීමට විහාරයට යාමටය. සුදෝ සුදට ඇඳගෙන, කහ මල් වට්ටියක් අතේ දරාගෙන මේ පුංචි කොලූ පැටියා ඇවිදගෙන යන්නේ සාලියවැව ශ‍්‍රී සුමංගලාරාම විහාරස්ථානය වෙත.

එදා විහාරස්ථානයට සිල් සමාදන් වීමට යන උපාසිකාවන් අතරට එක් වූ හේෂාන්ගේ ගමන සන්සුන්ය. අනවශ්‍ය කලබලයකින් තොරය.

හේෂාන්ගේ වයස අවුරුදු දොළහකි. පුත්තලම සාලිය ආදර්ශ විද්‍යාලයේ 7 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන හේෂාන් නිහඬ දරුවෙකි. මවුපියන්ට ගුරුවරුන්ට කීකරු දරුවෙකි. හේෂාන් එදිනත් නිවසෙන් පිටවන්නේ මවුපියන්ගේ දෙපා නැමදීමෙන් පසුවය. වේලාව අලූයම පහයි තිහට පමණ විය. අඳුර හාත්පසින් තුරන් වෙමින් පවතින මොහොතක, හේෂාන් සිල් සමාදන් වීමට යන උපාසිකාවන් අතරට එකතු විය.

පුත්තලම අනුරාධපුර ප‍්‍රධාන මාර්ගයේ අනුරාධපුරයේ සිට වේගයෙන් ඇදී එන ලොරි රථයකි. තිස්පස් වෙනි සැතපුම් කණුව අබියස දී වේගයෙන් ඇදී ආ ලොරි රථයක තිරංග තද විය. ඒ පුංචි හේෂාන් ද තවත් උපාසිකාවන් දෙදෙනකු ද යටකර දමමිනි.

ලේ ගලන තුවාල සහිතව සිටි මැදිවිය ද ඉක්මවා ගිය කාන්තාවන් දෙදෙනා මහ මඟ දමා, පුංචි හේෂාන්ව පමණක් රථයට නංවාගත් ලොරි රියැදුරා හා සහායකයා ඇදී ගියේ පුත්තලම මූලික රෝහල වෙතටය. දරුවා රෝහලට ඇතුළු කළ සැණින් ලොරි රථය පලා ගියේ අසුරු සැණෙනි. නමුත් රෝහල් කාර්යමණ්ඩලය ලොරි රථයේ අංකය සටහන් කර ගත්තෙන්, අපරාධකරුවන් නීතියේ රැුහැනට කොටු කරගත හැකි විය.

ඉද්ද ගහන වේගයෙන් ඇදී ආ ලොරි රථයට යට වූ කාන්තාවන් දෙදෙනාගේ සිරුරු ඒ වන විටත් තිස්පස් වන සැතපුම් කණුව අබියසය. ප‍්‍රදේශවාසීන් එකා දෙන්නා පාරට එද්දී ලේ විලක් මැද වැටී සිටින උපාසිකාවන්ගේ නිසල සිරුරු නෙත ගැටිණි.

වහා කි‍්‍රයාත්මක වූ ප‍්‍රදේශවාසීන් ඔවුන්ගේ සිරුරු නොච්චියාගම රෝහලට ගෙන ගිය ද ඒ වන විටත් ඔවුන් මෙලොව හැර ගොසිනි.

රෝහලට ඇතුළත් කළ ද පුංචි හේෂාන්ට ජීවත් වීමේ වාසනාව නොමැති විය. ඔහුගේ අවසන් හුස්ම පොද ද වාතලයට එකතුව ගියේ තවත් එක් මාරක රිය අනතුරක ඛේදනීය ඉරණම් කතාව සනිටුහන් කරමිනි.

මෙම ලොරි රථය කිඹුලාපිටිය, ගල්මංකඩ ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයකුට අයත්ය. ප‍්‍රදේශවාසීන්ගේ මතයට අනුව රියැදුරා රිය ධාවනය අතරතුර නින්දට වැටී ඇත. එසේ අඩ නින්දේ වාහනය පදවද්දී, පාරේ ගමන් කළ අසරණ මිනිස් ජීවිතවල ඉරණම් කතාව ලියවෙන්නේය.

හැමදාමත් මාර්ග නීති රීති හදන රටක, පොලිස් මාර්ග බාධක යොදන රටක, තාමත් තැන තැන සිදු වන්නේ මාරාන්තික රිය අනතුරුය. ඒ අනතුරුවලට ලක් වන්නේත්, ඒ අනතුරුවලින් වන්දි ගෙවන්නේත් අසරණ වූ මිනිස් ජීවිතම නොවන්නේද?

හැමදාමත් මේ හරි, මේ වැරැුදි යැයි පුන පුනා පෙන්වා දුන්න ද ඒ හරි වැරැුද්ද අවබෝධ කරගන්නට මිනිසුන් අපොහොසත් වන්නේය. මිනිසුන්ගේ දෑතට සුක්කානමේ බර උරුම කර දෙන්නට කලින් අහිංසක මිනිස් ජීවිතවල බර කෙතරම්දැයි අවබෝධ කර දෙන්නට පුළුවන් නම් මෙවන් ඛේදනීය පුවත් අප සවනත නොවැකෙනු ඇත.

No comments