Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

නව අස්ගිරි මහනායක තේරීමට කාරක සංඝ සභාව අනිද්දා

අස්ගිරි මහානායක, අති පූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සී නාහිමියන්ගේ අපවත් වීමෙන් පුරප්පාඩු වූ අස්ගිරි මහානායක ධුරය සඳහා සුදුසු හිමිනමක් ‍තෝරාගැනීමේ...

අස්ගිරි මහානායක, අති පූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සී නාහිමියන්ගේ අපවත් වීමෙන් පුරප්පාඩු වූ අස්ගිරි මහානායක ධුරය සඳහා සුදුසු හිමිනමක් ‍තෝරාගැනීමේ මූලික සාකච්ඡා කිරීම් සඳහා අස්ගිරි මහා විහාරයේ කාරක සංඝ සභාව 20වන ඉරිදා රැස්වීමට නියමිත ය.
අස්ගිරි පාර්ශවයේ කාරක සංඝ සභාව එම පාර්ශවයේ අනුනායක, පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ගුණරතන නාහිමියන්ගේ සහ අනුනායක පූජ්‍ය වේඬරුවේ උපාලි නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් අස්ගිරි මහා විහාරයේ මංගල උපෝසථාගාරයේදී 20 වන ඉරිදා පස්වරු 04 ට රැස්වීමට නියමිත බව අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් සඳහන් කළෝය.

No comments