Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ඊනියා වාමාංශිකයින් ලවා ‘උස්සාගෙන’ පාලකයින් ලවා ‘හප්පාගන්න’

ඊනියා වාමාංශිකයින් ලවා ‘උස්සාගෙන’ පාලකයින් ලවා ‘හප්පාගන්න’ 1886 මැයි 01 වැනි දින ඇමෙරිකාවේ චිකාගෝ නුවරට ඒකරාශී වී පැය අටේ වැඩමුර...

ඊනියා වාමාංශිකයින් ලවා ‘උස්සාගෙන’
පාලකයින් ලවා ‘හප්පාගන්න’

1886 මැයි 01 වැනි දින ඇමෙරිකාවේ චිකාගෝ නුවරට ඒකරාශී වී පැය අටේ වැඩමුරය ඉල්ලූ කම්කරුවන්ගේ සිට,
සිය සහෝදර කම්කරුවන්ට ‘ජයවේවා!’යැයි කියා අර්ථපතීන්ගේ මූණිස්සමකින් මිය ගිය කම්කරුවන්ගේ රුධිරය සිහිකරනුවස් කම්කරු රැලිවල රතුපාටධජ ළෙලවීමට පටන්ගත් අවධියදක්වා ද,
1933 මෙරට ප‍්‍රථම මැයි රැලිය පැවැත්වූ දින දක්වා ද,

එතැනින් නොනැවතී,

ඇන්.ඇම්.ලා කොල්වින්ලා වැනිවාමාංශික නායකයින් කම්කරුවන්ගේ අයිතීන් වෙනුවෙන් මැයි රැලිවලට යමින් සටන් කරමින් කළ ඉල්ලීම් ගැන ද, කළ සේවය ගැන ද,

පසුව...

වාමාංශික ව්‍යාපාරය හාම්පුතාලාට බදු දී, ධනවාදී දේශපාලූවන් හා යහන්ගත වී, මෛථුනයේ යෙදී පාරාජිකාවූ, සහවාසයට නොසුදුස්සන්වූ, අයවලූන් ගැන ද,

කොටින්ම...

මේ වක‍්‍රාකාරව සිදුවන චක‍්‍රාකාර කිසිවක් පිළිබ`ද ද අපට පුදුමයක් නැත.

එහෙත්,

රනිල්ගෙන් ජේ.ආර්. මුණගැහෙන කාලයක, මෛත‍්‍රීගෙන් මහින්ද මුණගැහෙන කාලයක, සම්බන්ධන්ගෙන් ඥානසාරලා මුණගැහෙන කාලයක, විග්නේෂ්වරන්ගෙන් ජයලලිතා මුණගැහෙන කාලයක,
අනුරගෙන් විජේවීර මුණනොගැසීමද, වාසු, ඩිව්, තිස්සලාගෙන් ඇන්. ඇම්.ලා කොල්වින්ලා මුණනොගැසීමද, සැබැවින්ම පුදුමය.

එහෙව් සමාජයක,

සහෝදරවරුනි, කම්කරුවනි අපට කියන්නට ඇත්තේ මෙපමණකි.

අදින් (මැයි 01) පසු,
ඊනියා වාමාංශිකයින් ලවා ‘උස්සාගෙන’
පාලකයින් ලවා ‘හප්පාගන්න’
ඉතිං
‘හො`දම කෑල්ල ඉස්සරහට’


ජයවේවා!

No comments