Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

මහින්ද ගාලු අවොත් ඇමති කම අතහරිනවා. දයාසිරිගෙන් මහින්දට අභියෝගයක්

බැසිල් රාජපක්ෂ මහතා එක්සත් ජාතික පක්ෂය සහ අසල්වැසි රාජ්යක් හා එක් වී ඔවුන්ගේ කොන්ත්‍රාත්තුවක් ඉටු කරන බවත් කිරුළපන මැයි රැළිය සංවිධානය කි...


බැසිල් රාජපක්ෂ මහතා එක්සත් ජාතික පක්ෂය සහ අසල්වැසි රාජ්යක් හා එක් වී ඔවුන්ගේ කොන්ත්‍රාත්තුවක් ඉටු කරන බවත් කිරුළපන මැයි රැළිය සංවිධානය කිරීමේ මෙහෙවරට උර දී ඇත්තේ එම අරමුණින් බවත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා.

එම කර්තව‍ය වෙනුවෙන් අපිරිසිදු මුදල් අත දිග ඇර වියදම් කරන බවයි ඔහු මෙහිදී ප්‍රකාශ කළේ.එම අසල්වැසි රාජ්‍ය කුමක්දැ‍යි මාධ්යවේදීන් නැගූ ප්‍රශ්ණයට උත්තර නොදෙමින් ලිස්සා ගිය ඇමතිවරයා තමා නිසැකවම එය දන්නා බව කියා සිටියා.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණ හමුවේ ඔහු වැඩි දුරත් කියා සිටියේ පහුගිය ජනාධිපතිවරණයේ දී පරාජයේ වගකීම භාර නොගෙන පෑල දොරින් පලා ඉය බැසිල් රාජපක්ෂ මහතාට මෙලෙස ශ්‍රීලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමට ඉඩ නොදිය යුතු බවයි.එමෙන්ම මෙවර මැයි රැලියේදී මහින්ද රාජපක්ෂ මහතා ගාල්ලේ වේදිකාවට ගොඩ වුවහොත් තමා ඒ මොහොතේම ඇමතිකම අත් හරින බවට ද අභියෝග කර සිටියා

No comments