Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

කෝටිපති පුතා පොලීසියෙන් යැයි කියා සිසුවියට අතවර කරලා

අ පයෝජන රජයන සමාජයක ජීවිතය සොයන අපට හැමදාමත්ම අසන්නට දකින්නට ලැබෙන්නේ තැන තැන සිදු වන නින්දනීය වූ ළමා සහ කාන්තා අපයෝජන සම්බන්ධවය. යුක්තිය...


පයෝජන රජයන සමාජයක ජීවිතය සොයන අපට හැමදාමත්ම අසන්නට දකින්නට ලැබෙන්නේ තැන තැන සිදු වන නින්දනීය වූ ළමා සහ කාන්තා අපයෝජන සම්බන්ධවය. යුක්තිය සාධාරණත්වය රජයන සමාජයක් පිළිබඳව හැමදාමත් හීන මැවුවත්, ඒ හීනවලට යථාර්ථයක් ගෙනෙන්නට රටක් වශයෙන් අප තාමත්  අපොහොසත්ය. එවන් පසුබිමක යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් එසවිය යුතු නීතියේ හස්තය, අසාධාරණය, අයුක්තිය වෙනුවෙන් එසවෙනවා නම්, රටක අනාගතය ගැන අප කුමක් සිතන්නද? නමුත් අවාසනාවකට මෙන් අපට හැමදාමත්ම අසන්නට, දකින්නට ලැබුණේ අයුක්තිය, අසාධාරණය රජයන සමාජ පසුබිම සාධාරණීකරණය කරන නීති පද්ධතියක් පමණයි.

තත්ත්වය මෙසේ තිබිය දී වුව ද මෑත කාලයේ වරින් වර සිදු වූ  අපයෝජන සම්බන්ධව මෙරට නීතියේ ඇස් විවර වීම සැබැවින්ම වාසනාවකි. තවත් එවන් අපයෝජනයක් සිදු කළ පුද්ගලයකුට
පසුගිය දිනෙක බස්නාහිර පළාත් මහාධිකරණය මඟින් වසර තිස් හතක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් ලබා දුන්නේ මෙරට නීති පද්ධතිය තාමත් යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් සැදී පැහැදී සිටින බව පෙන්වා දෙමිනි. ඉදින් ඒ ඛේදනීය ඉරණම් කතාව පිළිබඳ මතකය නැවතත් අවදි කරමු.

නිවසට යාමට අතරමඟ රැුඳී සිටින සරසවි සිසුවියකි. ඇය අබියසට පැමිණ නතර වන්නේ සුඛෝපභෝගී රියකි. එතුළ සිටින්නේ කඩවසම් තරුණයෙකි. ධනය, බලය සියල්ලම අඩු නැතිව සියතට එද්දී ඒ තරුණයාගේ සිත බල කාමයෙන් උදම් වන්නට විය. ඔහුට යුක්තිය සාධාරණත්වය අමතක විය. ඔහු අතරමඟ රැුඳී සිටි සරසවි සිසුවිය තම රථයට නංවා ගන්නේ බලහත්කාරයෙනි. ඒ තමා අසවල් පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපතිවරයා යැයි පවසමින් ඇයට තර්ජනය කරමිනි. බියට පත් කරමිනි.

මෙසේ බලයෙන් රියට නංවාගත් තරුණිය රැුගෙන මේ කෝටිපති ව්‍යාපාරිකයාගේ පුතා ඉගිල යන්නේ තම පියාට අයිති ලැගුම්හලක් වෙතටය. එහි දී සිය අතෘප්තිකර ආශාවන් මේ තරුණියගෙන් සපුරාගත් සල්ලාල ව්‍යාපාරික පුතාට බලය, ධනය අබියස නීතියෙන් ගැලවී යා හැකි යැයි සිතුව ද එය එසේ නොවීය. අතවරයට පත් තරුණිය සිය අයිතීන් වෙනුවෙන් හඬ නැගුවාය. ඔහුට විරුද්ධව නීතිය සුරතට ගත්තාය. අද ඇයට යුක්තිය සාධාරණත්වය පසිඳලන්නට මෙරට නීති පද්ධතිය කටයුතු කර අවසානය. වසර තිස් හතක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් පමණක් නොව, අතවරයට පත් වූ තරුණියට ලක්ෂ විසිහතක වන්දියක් ගෙවන ලෙස  අධිකරණ නියෝගය ලබා දෙන්නට මීගමුව මහාධිකරණ විනිසුරුවරිය සමත් වූවාය.

ධනයට බලයට යටපත්ව යන යුක්තිය සාධාරණත්වය පිළිබඳ නැවත වතාවක් සිතන්නට ඇයගේ එම තීන්දුවත් සමඟින් අවකාශය උදා විය. ඉදින් මෙවැනි දඬුවම් අබියසවත්, මෙරට කෝටිපති පියවරුන්ගේ සල්ලාල පුතුන් මට්ටු වන හෙටක් උදා වන්නේ  නම්, එය රටේ අනාගතය පිළිබඳ සුබ සිහිනයක පෙරමඟ ලකුණක්ම වන්නේය.

No comments