Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

පැය 24ක් ඇතුළත සමාව නොගතහොත් ජවිපෙ නායකයාට නඩු

පැනමා ලේඛන ගැටලූව සම්බන්ධයෙන් ඊයේ (11) පැවැත්වූ මාධ්‍ය හමුවකට සහභාගි වූ විද්‍යා අමරපාල මහතා ප‍්‍රකාශ කර සිටියේ  පැනමා ලේඛන සම්බන්ධයෙන් තම...


පැනමා ලේඛන ගැටලූව සම්බන්ධයෙන් ඊයේ (11) පැවැත්වූ මාධ්‍ය හමුවකට සහභාගි වූ විද්‍යා අමරපාල මහතා ප‍්‍රකාශ කර සිටියේ  පැනමා ලේඛන සම්බන්ධයෙන් තමන්ට කළ අපහාසය හේතුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට සහ ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතාට එරෙහිව නඩු පවරන බවයි.

එහිදී විද්‍යා අමරපාල මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කර සිටියේ පැය 24ක් ඇතළත අදාළ ප‍්‍රකාශ සම්බන්ධයෙන් තමාගෙන් සමාව ගත යුතු බවත් එසේ නොවුණහොත් ඒ ස`දහා නීතිමය පියවර ගන්නා බවයි.

එමෙන්ම අදාළ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ නිශාන්ත ශ‍්‍රී වර්ණසිංහ මහතා ප‍්‍රකාශ කර සිටියේ පැනමා පත‍්‍රිකා පාදක කර ගනිමින් ජාතික හෙළ උරුමයට හා පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව ඇතැම් පිරිස් මඩ ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බවය.

No comments