Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ජවිපෙ මත ගැටුම් උග‍්‍රවේ - ‘අනුරගේ තැන ලාල් කාන්තට දෙන්න’ දේශපාලන මණ්ඩලය ඉල්ලයි

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ක‍්‍රියාකලාපයත් සමග එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය තුළ යම් යම් මත ගැටුම් ඇතිවෙමින් පවතින...


ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ක‍්‍රියාකලාපයත් සමග එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය තුළ යම් යම් මත ගැටුම් ඇතිවෙමින් පවතින බව වාර්තා වේ.

ඒ අනුව වත්මන් නායක අනුර කුමාර දිසානායක මහතා එම තනතුරින් ඉවත් විය යුතු බවත් ටිල්වින් සිල්වා හෝ ලාල් කාන්ත යන දෙදෙනාගෙන් කෙනෙක් නායකත්වය ස`දහා තෝරාගත යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ බහුතරයක් ඉල්ලා සිටින බව ආරංචිමාර්ග ස`දහන් කරනවා.

කෙසේවුවද අනුර කුමාර දිසානායක මහතා පසුගිය දා අයර්ලන්ත සංචාරයක නිරත වූයේද අදාළ වෙනස්කම් කිරීම ස`දහා වන සාකච්ඡා වලට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීමටත් පක්ෂයේ සෙසු සාමාජිකයන්ට යම් යම් අවස්ථා ලබා දීමටත්ය.

එනමුත් මේවන තුරුත් ඒ සම්බන්ධ නිශ්චිත ස්ථාවරයකට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය පැමිණ නොමැති බවයි ස`දහන් වන්නේ. 

No comments