Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ප‍්‍රසන්න විතානගේ එක්ක මගෙ සම්බන්ධයක් තියෙනවා - ප‍්‍රසාදිනී අතපත්තු සියල්ල හෙළි කරයි

සක්කාරං චිත‍්‍රපයේ ‘රතී’ කාගෙත් කතා බහට ලක්වෙන චරිතයක් බවට පත්වෙලා. ධර්මසේන පතිරාජගේ සක්කාරං චිත‍්‍රපටයේ ප‍්‍රධාන භූමිකාවට පණ පොවන ප‍්‍රස...

සක්කාරං චිත‍්‍රපයේ ‘රතී’ කාගෙත් කතා බහට ලක්වෙන චරිතයක් බවට පත්වෙලා. ධර්මසේන පතිරාජගේ සක්කාරං චිත‍්‍රපටයේ ප‍්‍රධාන භූමිකාවට පණ පොවන ප‍්‍රසාදිනී අතපත්තුගේ පළමු සිනමා ආගමනය ද මෙයයි. 

ඔබගේ පළමු සිනමා ආගමනය ‘සක්කාරං’, ඒ ගැන ටිකක් කතා කරමුද?
මම පණ පොවන්නෙ රාවණ කුලයෙන් පැවත එන ‘රතී’ගෙ චරිතයට. කතාවට අනුව මට සිද්ධ වෙනවා නර්තන පරම්පරාවකට අයත් ‘සුබේ’ සමඟින් විවාහ වෙන්න. ඒ චරිතය අතිශයින් මානුෂිකයි, මොකද මවු පදවිය ලැබීමේ අබිලාෂය හිතේ තිබුණත්, එය දවසින් දවස දුරට යනවා. නමුත් චරිතයට අනුව ‘රතී’ට සිද්ධ වෙනවා නිළමේවරුන්ගේ බලයට යටත් වෙන්නට. ඒ අවස්ථාවක නොසිතූ මොහොතක ඇය මවු පදවිය ලබනවා. ඒත් ඇය ‘සුබේ’ සමඟින් යහපත් දිවියක් ගත කරනවා.

සිනමාවේ දැවැන්තයකුගේ නිර්මාණයකින් ක්ෂේත‍්‍රය හඳුනාගැනීමට ලැබීම ගැන ඔබට මොකද හිතෙන්නෙ?
ධර්මසේන පතිරාජ කියන්නෙ සිනමාවේ දැවැන්තයෙක්. එවැනි අයකුගේ චිත‍්‍රපටයකින් ක්ෂේත‍්‍රය හඳුනාගැනීමට ලැබීම ගැන මම අතිශයින්ම සතුටු වෙනවා. වේදිකා නාට්‍ය රංගනයේ යෙදිලා හිටපු මට සිනමාව අලූත් අත්දැකීමක්. මේ අවස්ථාව මට ලැබෙන්නෙ ප‍්‍රසන්න විතානගේ අයියා නිසා.

සැබැවින්ම ඔබව සිනමාවට සොයාගන්නෙ ප‍්‍රසන්න විතානගේ. මොකක්ද ඔහු සමඟින් පවතින සම්බන්ධය?
‘සක්කාරං චිත‍්‍රපටයට රංගන ශිල්පිනියක සොයනවා. ඔයත් සම්මුඛ පරීක්ෂණයකට යන්න කියලා කියන්නෙ ප‍්‍රසන්න අයියා. සම්මුඛ පරීක්ෂණයට ගිය මාව එතැන දී චිත‍්‍රපටයට තෝරා ගන්නවා. ප‍්‍රසන්න අයියාව මට මුණ ගැහෙන්නෙ ඔහුගෙ ‘ආකාස කුසුම්’ චිත‍්‍රපටයෙ ප‍්‍රචාරක කටයුතු අතරතුර.

කොහොමද ඔබ ‘ආකාස කුසුම්’ චිත‍්‍රපටයේ ප‍්‍රචාරක කටයුතුවලට සම්බන්ධ වෙන්නෙ?
මම 2004 දී කැලණිය විශ්ව විද්‍යාලයට එනවා. එතැන දී විශ්ව විද්‍යාලය මඟින් කරපු වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙනවා. තුමිදු දොඩන්තැන්නගෙ ‘රයිනෝසිරස්’ වේදිකා නාට්‍යයේ පෙළ සකස් කරන්නෙක් ලෙස තමයි මම වේදිකාවට පිවිසෙන්නෙ. ප‍්‍රසන්න අයියා නිතරම විශ්ව විද්‍යාලයේ වේදිකා නාට්‍ය බලන්නට එනවා. විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් වෙනවත් එක්කම කාටත් වගේ අපටත් රැකියාවක් නොමැතිකම තදින්ම දැනෙනවා. ඒ කාලේ මායි මගේ යාළුවයි ප‍්‍රසන්න අයියා ළඟට ගියාම ඔහුගෙ ‘ආකාස කුසුම්’ චිත‍්‍රපටයේ ප‍්‍රචාරක කටයුතුවලට අපව සම්බන්ධ කර ගන්නවා. අපට කිසිම දෙයක් ගැන අවබෝධයක් නොතිබුණත් අප ගැන අනුකම්පාවෙන් ප‍්‍රසන්න අයියා හැම දෙයක් ගැනම අපට කියලා දෙනවා.

පසුකාලීනව ඔබ වේදිකාව ජය ගන්නවා?
ඔව් පසුව දිගටම වේදිකා නාට්‍යවල රංගනයට අවස්ථාව ලැබෙනවා. පි‍්‍රයංකර රත්නායකගේ ‘ඊඩිපස්’ වගේම ‘අද වගේ දවසක ඇන්ටිගනී’ නාට්‍යවල රංගනය අතරතුර ‘ඇන්ටිගනී’ චරිතය ලොකු කතාබහකට ලක්වෙනවා. 2011 වසරේ රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නිළිය ලෙස ඇගයීමට ලක්වෙනවා. ඒ ‘ජනේලයෙන් පනින්න’ වේදිකා නාට්‍යයේ රංගනයට.

අද වන විට ඔබ වේදිකාව වගේම රිදී තිරයත් ජය අරගෙන පුංචි තිරයට පිවිසෙන්න අදහසක් ඇති වුණේ නැද්ද?
මට පුංචි තිරයට ඒ තරම් දුරට සම්බන්ධ වෙන්න ලබුණේ නැහැ. සුමිත‍්‍රා රාහුබද්ද මහත්මියගෙ ‘නටු නැති මල්’ ටෙලි නාට්‍යයේ සුළු චරිතයක් වගේම රොෂාන් කුරුප්පුගේ ටෙලි නාට්‍යයක සුළු චරිතයක් ලැබෙනවා. සන්තුස ලියනගේ මහතාගෙ ‘භාව තීර්ථ’ ටෙලි චිත‍්‍රපටයේ චරිතයක් කරන්නත් ලැබෙනවා. ඉන් එහා කතා කළහැකි නිර්මාණයක් මට පුංචි තිරයේ දී ලැබුණෙ නැහැ.

‘සක්කාරං’ රූගත කරන අතරතුර ඔබට සුබ ආරාංචියක් ලැබෙනවලූ?
ඇත්තමයි ‘සක්කාරං’ කතාවේ ‘රතී’ දරුවෙක් අභිලාෂයෙන් ඉද්දි තමයි මට දරුවෙක් ලැබෙන්න ඉන්නෙ කියන සුබ පෙරනිමිති පහළ වෙන්නෙ. අද වෙද්දි මගේ දුවට වයස අවුරුදු එක හමාරයි. ඒකත් එක්තරා අන්දමක දෛවෝපගත සිදුවීමක්.

ඔබ වෘත්තීය රංගන ශිල්පිනියක නොවෙයි?
නැහැ. මම වෘත්තියෙන් ගුරුවරියක්. චිත‍්‍රපටය රූගත කරන මුල්කාලයේදීමයි මට රැකියාව ලැබෙන්නෙ. ඒ දවස්වල රූගත කිරීම්වලට පවා වෙලාව සොයාගන්න අසීරු වුණා.

අද ඔබ සිිටින තැන දිහා බලද්දි මොනවද හිතෙන්නෙ?
ගොඩක් සතුටුයි. ධර්මසේන පතිරාජ නමැති දැවැන්ත සිනමාකරුවගේ නිර්මාණයකින් මුලින්ම ක්ෂේත‍්‍රය හඳුනා ගැනීම ගැන ගොඩක් සතුටුයි. මං හිතන්නෙ මේ චිත‍්‍රපටයත් එක්ක ඉස්සරහට හොඳ නිර්මාණවලට දායක වෙනන ලැබේවි. මේ හැමදේම ස්තුතිවන්ත වෙන්න  ඕනේ මා ගැන අනුකම්පා කරලා. ක්ෂේත‍්‍රය ගැන කියලා දීලා, මාව සොයාගත්තු ප‍්‍රසන්න අයියට.

No comments