Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ඩයලොග් කරන මෙහෙමත් වැඩ - ඔක්කොම දැනගන්න

අධික වර්ෂාව හේතුවෙන් දිවයිනේ ඇතැම් ප‍්‍රදේශයන්හි ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් විපතට පත්වූවන්ට මෙන්ම විපතට පත්වූවන්ට සහන සපයන්නන් හට නිර...

අධික වර්ෂාව හේතුවෙන් දිවයිනේ ඇතැම් ප‍්‍රදේශයන්හි ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් විපතට පත්වූවන්ට මෙන්ම විපතට පත්වූවන්ට සහන සපයන්නන් හට නිරන්තර ජංගම දුරකතන සබඳතා සේවාවන් ලබා දීමේ අරමුණින් ඩයලොග් ආසියාටා සමාගම පියවර කිහිපයක් ගෙන ඇත.

ඒ අතරින් පසුගෙවුම් දුරකතන සබඳතා භාවිතා කරන පාරිභෝගිකයන් හට හදිසි ණය ගැනීමේ සේවාවක් හඳුන්වා දීමත් ගංවතුර පවතින ප‍්‍රදේශවල සිටින අදාළ ණය සීමාව ඉක්ම වූ පුද්ගලයන් හට කෙටි පණිවුඩ සේවා නොමිලේ ලබාදීමටත් විපතට පත්වූවන්ට සහන සපයන රජයේ හා පෞද්ගලික අංශයේ සේවකයන් හට නොමිලේ හා සහනදායී මිලට දුරකතන සබඳතා සේවාවන් ලබාදීමටත් කටයුතු යොදා ඇත.

එමෙන්ම විපතට පත්වූවන් හට සහන සැපයීම සඳහා ඩයලොග් පාරිභෝගිකයන්ට අවස්ථාව සලසා දී ඇති අතර ඒ සඳහා කළ යුත්තේ DON යන වචනය ටයිප්කර කෙටි පණිවුඩයක් ලෙස 7700ට යොමු කිරීම පමණි. මෙලෙස පාරිභෝගිකයන් විසින් ලබාදෙන සෑම රුපියල් 50කට ම ඩයලොග් ආයතනය විසින්ද ඒ සඳහා රුපියල් 100ක් එකතුකර අදාළ ආධාර මුදල තෙගුණ කරනු ලබයි.

No comments