Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

කන්ගනා රිතික් මරාගැනිල්ල ඉවරවෙන පාටක් නැහැ

රිතික් කන්ගනා දෙන්නා අතරේ මේ දවස්වල සෑහෙන්න ලොකු යුද්ධයක් යනවා නේ.ඒ මේ දෙන්නා අතරේ තිබිලා තියෙන ප්‍රේම සම්බන්ධය බිඳිලා යාමත් එක්ක. ඇය...

රිතික් කන්ගනා දෙන්නා අතරේ මේ දවස්වල සෑහෙන්න ලොකු යුද්ධයක් යනවා නේ.ඒ මේ දෙන්නා අතරේ තිබිලා තියෙන ප්‍රේම සම්බන්ධය බිඳිලා යාමත් එක්ක.

ඇය එවපු ඊමේල් වගයක් අධිකරණයට ඉදිරිපත් කරපු රිතික් කන්ගනා කියන්නේ මානසික උමතුවකින් පෙළෙන ගැහැණියක් කියලා ඔප්පු කරන්න හැදුවා.

කොහොම හරි මේ දෙන්නගේ මේ මරාගැනිල්ල නිසා බොලිවුඩයේ නළු නිළියෝ දෙපැත්තට බෙදිලා කට්ටියක් රිතික්ටත් තව කට්ටියක් කන්ගනාටත් සහයෝගය දක්වන්න පටන් ගෙන.අන්තිමේ කන්ගනා ඉන්දියාවේ NDTV චැනල් එකට ආන්දෝලනාත්මක සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙන්න කටයුතු කළා.

ඒ සම්මුඛ සාකච්ඡාව මෙහෙයවපු මාධ්‍යවේදිනිය රිතික් එක්ක තිබ්බ ප්‍රේම සම්බන්ධය ගැන ඇහුවම කන්ගනා රිතික්ටත් ඇනෙන්නම උත්තරයක් දීලා.

"ලිංගික ජීවිතයේ දී කාන්තාවක් ක්‍රියාශීලී නම් සමාජය ඇයව හඳුන්වන්නේ ගණිකාවක් කියලා.ඇය හැම අතින්ම සාර්ථක නම් ඇයව හඳුන්වන්නේ පිස්සියක් කියලා.මට ඒ දෙකම කිව්වත් මම හොඳින්" යයි ඇය පවසා තිබෙනවා.බලමු ඉස්සරහට මේ දෙන්නගේ මරාගැනිල්ලට මොකක් වෙයි ද කියලා.

No comments