Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

දෙරණෙන් ප්‍රසන්නට විතරක් නෙවෙයි ජයන්තගේ මහරජ ගැමුණුටත් කැපිල්ලක්

සිව්වැනි දෙරණ සම්මාන උළෙලෙන් පසු ඒ ගැන සමාජයේ ලොකු කතාබහක් ඇති වුණා. ඒ ඇතැම් සම්මාන ලබා දීපු පදනම මොකක්ද කියන කාරණය පැහැදිලි නැති නිසා...

සිව්වැනි දෙරණ සම්මාන උළෙලෙන් පසු ඒ ගැන සමාජයේ ලොකු කතාබහක් ඇති වුණා.

ඒ ඇතැම් සම්මාන ලබා දීපු පදනම මොකක්ද කියන කාරණය පැහැදිලි නැති නිසා. කොහොම වුණත් සිනමාව වෙනුවෙන් ටෙලිවිෂන් නාලිකාවක් විදියට දෙරණ කරපු කර්තව්‍ය වෙනුවෙන් පැසසුම් ගලා එනවා වගේම සම්මාන උළෙල පිළිබඳව දෙරණට කෙරෙන ඇණුම් බැනුම් වලිනුත් අඩුවක් නෑ කියලා අපිට ආරංචියි.

විශේෂයෙන්ම ඉන්දීය නළු නිළියන් වෙනුවෙන් සම්මාන පිරිනැමීම වාරණයට ගත් තීරණය හේතුවෙන් දෙරණ නාලිකාවට විශාල විවේචනයක් එල්ල විය.

එමෙන්ම ජනප්‍රියම චිත්‍රපටය ලෙස තේරී පත්වුණු චිත්‍රපටය වසරේ වැඩිම ආදායම් ලැබූ චිත්‍රපටය ලෙසද නම් කිරිම ද මේ වන විට විවාදයට තුඩු දී තිබේ.

ඒ අනුව වැඩිම ආදායම් ලැබූ චිත්‍රපටය වන්නේ ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කරන ලද මහරජ ගැමුණු චිත්‍රපටයයි. 2016 ශ්‍රී ලංකාවේ ඕනෑම මණ්ඩලයක තිරගත වූ චිතපට අතරින් වැඩිම ආදායම් උපදවා ඇත්තේ මහරජ ගැමුණුය. ඊ.ඒ.පී මණ්ඩලයේ නිල ආදායම් වාර්තාවට අනුව එහි ආදායම රුපියල් 16,6478517.97 කි. නමුත් වැඩිම ආදායම් ලැබූ චිත්‍රපටය ලෙස සම්මාන දිනා ගත් චිත්‍රපටය ආදායම 14,5946753.28 කි.

මේ අනුව දෙරණ සම්මාන ලබා දීමේදී අනුගමනය කළ නිර්ණායකයන් ඉළිබඳ දැඩි විවේචනයක් සිනමා ක්ෂේත්‍රය තුළ ඇති කිරීමට හේතු වී ඇති බව පෙනේ.

No comments