Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

‘මහින්දට යුද සැමරුම් බෑ - ජාතික රණවිරු දින සැමරුම කියලත් නෑ’ - ආරක්ෂක ලේකම්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තමන්ගේ අභිමතය පරිදි යුද සැමරුමක් කළ නොහැකි බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පවසනවා. හිටපු...


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තමන්ගේ අභිමතය පරිදි යුද සැමරුමක් කළ නොහැකි බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පවසනවා.

හිටපු ජනාධිපතිවරයා කුරුණෑගල ප‍්‍රදේශයේදී යුද සැමරුමක් සිදුකිරීමට යන බවට තමන් වෙත තොරතුරු ලැබී ඇති බවත් හමුදා ප‍්‍රධානීන්ගේ අවසරයකින් තොරව කිසිදු හමුදා නිලධාරියෙකුට එම අවස්ථාව ස`දහා සහභාගි විය නොහැකි බවත් ආරක්ෂක ලේකම්වරයා ප‍්‍රකාශ කරනවා.

කෙසේවුවද බත්තරමුල්ල රණවිරු ස්මාරකය අසල දී මැයි 18 වැනි දා රජය විසින් නිල වශයෙන් පවත්වන ජාතික රණවිරු දින සැමරුමට හිටපු ජනාධිපතිවරයාට ආරාධනා කර නොමැති බවද ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් පවසා ඇත.

ඔහු මේ අදහස් දක්වා ඇත්තේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක දීය.

No comments