Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

පැනමා දැලට භච්චන් පවුල හසුවේ - අයිශ්වර්යා සැගවේ

ප සුගිය දවසක ලෝකය පුරා මහත් ආන්දෝලනයක්  පැතිර ගියා. ඒ බදු රැුකවරණය ලබමින් රහස් ගිණුම්වල මුදල් තැන්පත් කිරීමට සම්බන්ධ ලොව ධනවත් පුද්ගලයන් ...


සුගිය දවසක ලෝකය පුරා මහත් ආන්දෝලනයක්  පැතිර ගියා. ඒ බදු රැුකවරණය ලබමින් රහස් ගිණුම්වල මුදල් තැන්පත් කිරීමට සම්බන්ධ ලොව ධනවත් පුද්ගලයන් හෙළිදරව් වීමත්  සමඟයි. මෙම රහස්
ලිපිගොනුව හැඳින් වූයේ පත‍්‍රිකා නැතිනම්  පැනමා ලේඛන යනුවෙනුයි.

මෙම පැනමා පත‍්‍රිකාවල අප ආදරය කරන බොලිවුඞ් නළු නිළි දෙපළකගේ නම් මුලින්ම සඳහන් වී තිබුණා. ඒ සුපිරි බොලිවුඞ් නළු අමිතාබ් භච්චන්ගේ නම සහ ඔහුගේ ලේලිය වන අයිශ්වර්යා රායිගේ නමයි. ඒ අනුව සුරූපී අයිශ්වර්යා රායිටත් මෙම ප‍්‍රශ්නයට මැදිහත් වන්නට සිදු වුණා. මෙම ලැයිස්තුවේ ඉන්දියානු නාමයන්ගේ වත්කම් හෙළි නොකිරීම සම්බන්ධයෙන් මුලින්ම සඳහන් කර තිබුණේ අයිශ්වර්යා රායිගේ නමයි. දෙවැනි තැනට අමිතාබ් භච්චන්ගේ නම සඳහන් වී තිබූ අතර ඒ අතරට ඉන්දියානු ජාතිකයන් 500 දෙනකුගේ පමණ නම් ඇතුළත් බව සඳහන් වී තිබුණා.

මෙම පුවතින් දැඩි ලෙස කම්පනයට පත් වූ අයිශ්වර්යාගේ රසිකයන් මෙන්ම මාධ්‍යවේදීන් ඇතුළු බොහෝ පිරිසක් ඇගෙන් මේ පිළිබඳව විමසා සිටියා. එහෙත් මුලින් ඇය ඒ සඳහා කිසිදු ප‍්‍රතිචාරයක් දැක්වූයේ නැහැ. ඒ නිසා ඇය හැමවිටම ඇය පසුපස එන පැපරාසීන්ගෙන් සැඟවී සිටීමට උත්සාහ කළා. මේ තත්ත්වය මත පසුගිය දිනයක පවත්වනු ලැබූ ග්ලෝබල් ඉන්දියානු සම්මාන උළෙලේ දී  එය පැවති තරු පහේ හෝටලයට අයිශ්  පැමිණ තිබුණේ සහ පිටත්ව ඇත්තේ පසුපස දොරෙන් නිසා බොහෝ දෙනකු සඳහන් කරන්නේ ඇය ඒ මොහොතේ කිසිදු ප‍්‍රශ්නයකට මුහුණ දීමේ මානසිකත්වයකින් නොසිටි බවයි. එම නිසා සම්මානය ලබා ගැනීමට ආසන්න මොහොතේ දී එම ස්ථානයට පැමිණි අයිශ්වර්යා එය ලබා ගත් මොහොතේම ඉන් පිටව ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. කෙසේ වෙතත් මාධයෙන් වසන් වීමට මේ අවස්ථාවේ දී අයිශ්වර්යාට නොහැකි වීම නිසා මාධ්‍යකරුවන් ඇගෙන් ප‍්‍රශ්න කළ විට ඇය පවසා තිබෙන්නේ එම උත්සවය ඉතා වර්ණවත්ව සංවිධානය කර ඇති බව පමණකි. එහි දී මාධ්‍යවේදීන් ඇගෙන් පැනමා පත‍්‍රිකා පිළිබඳ විමසූ විට එම ස්ථානයෙන් වහා පිට වන්නට ඇය කටයුතු කර ඇත.

කෙසේ වෙතත් ඓශ්වර්යා රායි වෙනුවෙන් ඇයගේ මාධ්‍ය උපදේශක ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ අදාළ වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව සහ ඓශ්වර්යා ඇයට එල්ල වී ඇති එම චෝදනා තරයේ ප‍්‍රතික්ෂේප කරන බවයි.

මෙම චෝදනා සම්බන්ධයෙන් පසුගිය දා  අමිතාබ් බච්චන් ද  ප‍්‍රකාශයක් නිකුත් කර ඇති අතර ඔහු පවසා ඇත්තේ ඒ සියල්ල අසත්‍ය වන බවයි. එවැනි කිසිදු සමාගමක අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කර නැති බවත් ඔහුගේ නම අයුතු ලෙස භාවිත කර ඇති වීමට හැකි බවත් ඔහු තවදුරටත් පවසා ඇත.

No comments