Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

තෙවරප්පෙරුම රණවීර කෝන්තරය දිග්ගැස්සෙන ලකුණු

මගේ පාර කෑවා නම් වොයිස් කට් දෙන්න ප්‍රසන්න රණවීර ඉතුරු වන්නේ නොමැති බව පාලිත තෙවරප්පෙරුම නියෝජ්‍ය අමාත්‍යවරයා    සතිඅග පුවත්පතකට ප්‍රකාශ...

මගේ පාර කෑවා නම් වොයිස් කට් දෙන්න ප්‍රසන්න රණවීර ඉතුරු වන්නේ නොමැති බව පාලිත තෙවරප්පෙරුම නියෝජ්‍ය අමාත්‍යවරයා    සතිඅග පුවත්පතකට ප්‍රකාශ කර තිබේ.

තමාගේ පහර කෑවා නම් ඔහුගේ මූණ පොඩි වන බවත් රෝහලට යන්න ලැජ්ජා නම් අනුරාධපුරේ වෑල්ඩිං වෙදා ගාවට යන්න වෙන බවත් ඔහු මෙහිදී ප්‍රකාශ කර තිබුණේය.

එම පුවත්පත් සාකච්ඡාවටම එක් වූ ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත්තේ රනිල් ෆොන්සේකා රජය තෙවරප්පෙරුම වැනි චණ්ඩි මන්ත්‍රරින් ලවා විපක්ෂ මන්ත්‍රීවරුන් මර්දනය කරන බවයි.

"අතින් පයින් ගහගන්න එන එකට අපි බය වෙන්නේ නෑ. ගහන්න බැරි නම් මූණට කෙළපාරක් හරි ගහනවා" ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරඇත.

කෙසේ වෙතත් මොවුන් දෙදෙනා මාධ්‍ය වෙත කරන ප්‍රකාශ නිරීක්ෂණය කිරීමේදී පෙනී යන්නේ දෙදෙනාගේ කෝන්ත්තර තවමත් විසඳී නැති බවයි. අනෙක් අතට පාර්ලිමේන්තු ඉතිහාසයට එක් කළ කළු පැල්ලම පිරිසිදු කරගන්නවා වෙනුවට මෙම මන්ත්‍රීන් තවදුරටත් චණ්ඩීන් වීරයන් සේ මාධ්‍ය ඉදිරියේ පෙනී සිටීමට කටයුතු කරමින් සිටීම බරපතල තත්ත්වයකි.

No comments