Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ගල්ගමුව්වේ ඉස්කෝලෙක ගෑණු ළමයි රෑ නතර කරගෙන. පස්සෙන්දා හැමතැනම යට ඇඳුම් උපත් පාලන කොපු තිබිලා

පාසලක ප්‍රධාන ශාලාවෙන් මුර කුටියෙන් ගැහැණු ළමුන්ගේ යට ඇඳුම් වගේම උපත්පාලන කොපු මුණගැහෙයි කියලා හීනෙන් වත් හිතන්න පුළුවන්ද? හැබැයි ...

පාසලක ප්‍රධාන ශාලාවෙන් මුර කුටියෙන් ගැහැණු ළමුන්ගේ යට ඇඳුම් වගේම උපත්පාලන කොපු මුණගැහෙයි කියලා හීනෙන් වත් හිතන්න පුළුවන්ද?

හැබැයි අපි හීනෙන්වත් හිතන්නේ නැති දේවල්ම තමයි දැන් වැඩිපුර පාසල් පද්ධතියෙන් අහන්න දකින්න ලැබෙන්නේ.

ගල්ගමුව අධ්‍යාපන කොට්ඨාශයට අයත් එක්තරා පාසලකින් ඒ විදියේ හීනෙන් වත් නොහිතන දේවල් වගයක් මුණගැහිලා.

ගැහැණු ළමුන්ගේ යට ඇඳුම්, උපත්පාලන කොපු පාසල් භූමියේ තැන් තැන් වලින් මුණගැහිලා තියෙන්නේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ අවසාන දිනය වෙනුවෙන්  ගුරුවරුන් සිසුන් ඊට කලින් දවසේ රාත්‍රියේ පාසලේ නවාතැන් ගත්තට පස්සේ.

ඒ වගේම සිසුන් එම රාත්‍රියේ මත්ද්‍රව‍ය අරගත්ත බවටත් සාක්ෂි ලැබිලා. මෙම සිදුවීම ඇසීමෙන් කම්පනයට පත්වුණු මව්පියන් කියන්නේ මීට පෙර හිටපු විදුහල්පතිවරයා කවදාවත් ගැහැනු දරුවෙක් රැයක් පාසලේ නතර කරගත්තේ නෑ කියලා. ඒ වගේම නිවාසන්තර ක්‍රීඩා උළෙලේ සමාප්තියේදී සාමන්‍යයෙන් ජාතික ගීය ගායනා කරලා උත්සවය නිල වශයෙන් අවසන් කරන විදියත් මේ ඉස්කෝලෙ වෙනස් කරලා.

ඒ වෙනුවට හින්දි සින්දු දෙකකට ගුරුවරුයි ශිෂ්‍ය ශිෂ්‍යාවොයි මදි නොකියන්න නටලා තමයි උත්සවය ඉවර කරලා තියෙන්නේ.

No comments