Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

හෝගාණ පොකුණ බොරදිය පොකුණ දෙරණ සම්මාන උළෙලේ සම්මාන පිට සම්මාන ගනී.

ඊයේ රාත්‍රියේ නෙළුම් පොකුණ ප්‍රිශ්‍රයේ පැවති සිව්වෙනි දෙරණ සිනමා උළෙලේ හොඳම නළුවා ලෙස ඇඩ්‍රස් නෑ චිත්‍රපටය වෙනුවෙන් ජැක්සන් ඇන්ත්නි සහ හො...

ඊයේ රාත්‍රියේ නෙළුම් පොකුණ ප්‍රිශ්‍රයේ පැවති සිව්වෙනි දෙරණ සිනමා උළෙලේ හොඳම නළුවා ලෙස ඇඩ්‍රස් නෑ චිත්‍රපටය වෙනුවෙන් ජැක්සන් ඇන්ත්නි සහ හොඳම නිළිය ලෙස බොරදිය පොකුණ චිත්‍රපටය වෙනුවෙන් කෞෂල්‍යා ප්‍රනාන්දු සම්මාන දිනා ගන්නා ලදී.

වසරේ ජනප්‍රියම නළුවා ලෙස හේමාල් රණසිංහ සහ ඩිනක්ෂි ප්‍රියසාද් සම්මානයෙන් පිදුම් ලැබීය.ප්‍රසන්න විතානගේ වසරේ හොඳම චිත්‍රපට අධ්‍යක්ෂණය වෙනුවෙන්  ද හොඳම තිරරචනය සඳහා සත්‍යජිත් මාඉටිපේද සම්මාන දිනා ගන්නා ලදී.

ජනප්‍රිය හොඳම චිත්‍රපටය ලෙස සම්මාන දිනා ගත් ඉන්දික ෆ්‍රඩිනෑන්ඩු අධ්යක්ෂනය කරනු ලැබූ හෝගාන පොකුණ වසරේ වැඩිම ආදායම් ලැබූ චිත්‍රපටය බවටද පත්වීම සුවිශේෂී විය. හොඳම සහය නළුවා සම්මානය හෝගාන පොකුණ වෙනුවෙන් ජයලත් මනෝරත්න විසින් දිනා ගනිද්දී හොඳම සහය නිළිය බවට පත්වූයේ ඇඩ්‍රස් නෑ චිත්‍රපටය වෙනුවෙන් සබීතා පෙරේරාය.මහේන්ද්‍ර පෙරෙරා හොඳම විකට නළුවාට හිමි සම්මානය දිනා ගනු ලැබුවේ ගින්දරී චිත්‍රපටය වෙනුවෙනි.මෙම සම්මාන උළෙලේදී වැඩිම සම්මාන දිනා ගත් චිත්‍රපට බවට පත්වූයේ හෝගාණ පොකුණ බොර දිය පොකුණ යන චිත්‍රපට දෙකයි.

No comments