Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

මවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ පිළියන්දල නිරූපණ ලොක්කාට වැඩවරදී

දියණිය නිරූපිකාවක් කරන්න  ඕන නම් ලොක්කා එක්ක රැයක් ඉන්න කිව්වලූ දුවව ලොකු තැනකට යවන්නත් පොරොන්දුවෙලා එක්තරා ප‍්‍රසිද්ධ ප‍්‍රචාරක ආයතන...

දියණිය නිරූපිකාවක් කරන්න  ඕන නම් ලොක්කා එක්ක රැයක් ඉන්න කිව්වලූ

දුවව ලොකු තැනකට යවන්නත් පොරොන්දුවෙලා

එක්තරා ප‍්‍රසිද්ධ ප‍්‍රචාරක ආයතනයක් ම`ගින් සිදුකළ නිරූපණ ශිල්පීන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයකදී දියණිය නිරූපිකාවක් කිරීම ස`දහා මවකගෙන් අදාළ ආයතන ප‍්‍රධානියෙකු ලිංගික අල්ලස් ඉල්ලූ පුවතක් ගැන පිළියන්දල ප‍්‍රදේශයෙන් වාර්තා වෙනවා.

එහිදී අදාළ ආයතන අංශ ප‍්‍රධානියා ප‍්‍රසිද්ධ හෝටලයක නමක් ස`දහන්කර මින් පවසා ඇත්තේ තමන් සමග අදාළ හෝටලයේ රැයක් ගත කිරීමට කැමැතිනම් දියණියට නිරූපණක්ෂේත‍්‍රයට පිවිසීමට වරම් ලබාදෙන බවයි.

කෙසේවුවද මව අංශ ප‍්‍රධානියාගේ යෝජනාව සම්බන්ධයෙන් දැඩි විරෝධය දැක්වීමෙන් අනතුරුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නීතිමය ක‍්‍රියා මාර්ග ගන්නා බවද කියා තිබෙනවා.

එහෙත් අංශ ප‍්‍රධානියා පවසා ඇත්තේ තමන්ට විරුද්ධව කිසිවක් කළ නොහැකිබවත් යම් ලෙසකින් එසේවුවහොත් තමන්සමග යහන් ගතවූ බවට අසත්‍ය පුවත් තමන්දන්නා හ`දුනන මාධ්‍ය ආයතන හරහා ප‍්‍රචාරය කරන බවයි. එහිදී බියට පත්වූ මව තම දියණියද රැගෙන වහා අදාළ ස්ථානයෙන් පිටව ගොස් ඇති අතර ඇය අපගෙන් ඉල්ලා සිටියේ මෙවන්දෑ මතුවටත් සිදුනොවීමට නම් ගම් නොපවසා සිද්ධිය පමණක් වාර්තා කරනෙ ලසයි.

එමෙන්ම තමාටත් දියණියටත් වන අපකීර්තිය සලකා නීතිමය ක‍්‍රියාමාර්ග නොගැනීමට කටයුතු කළ බවත් ඇය ප‍්‍රකාශකර සිටියා.

No comments