Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ඔබේ පෙම්වතිය අවුරුදු කුමරිය කරන්න කියලා ITN එකට බලපෑම් කළේ කාගෙ හයිය අරන්ද? නෑ... මම එහෙම කළේ නෑ - පුබුදු

පුබුදුගෙ ජීවිතේ ලොකු වෙනසක් සිද්ධ වෙලා කියලා අපට ආරංචියක් ආවා. ඉතින් ඇත්තටම පුබුදු වෙනස් වෙලාද කියලා දැනගන්න හිතාගෙන අපි ඔහුට කතා කළා. ...


පුබුදුගෙ ජීවිතේ ලොකු වෙනසක් සිද්ධ වෙලා කියලා අපට ආරංචියක් ආවා. ඉතින් ඇත්තටම පුබුදු වෙනස් වෙලාද කියලා දැනගන්න හිතාගෙන අපි ඔහුට කතා කළා.



මේ දවස්වල නිර්මාණ කටයුතු කොහොමද?

‘කාසි වත්ත’ ටෙලි නාට්‍ය විකාශය වෙනවා. ‘සක්කාරං’ චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය වෙනවා. ‘ජයසිරිට පිස්සු’ වේදිකා නාට්‍ය රඟ දැක්වෙනවා. මාධ්‍ය තුනේම මේ දවස්වල මම රැුඳිලා ඉන්නවා.

ඉදිරියේ දී පේ‍්‍රක්ෂකයන්ට දැක ගත හැකි නව නිර්මාණ මොනවාද?

රූගත කරපු චිත‍්‍රපට දහතුනක් එන්න තියෙනවා. ටෙලි නාට්‍යයක් විකාශයට සියල්ල සූදානම්. ප‍්‍රවේගය කණ්ඩායමේ අලූත්ම චිත‍්‍රපටය ‘මායා’ අගෝස්තු මාසයේ තිරගත වෙනවා. එහි ප‍්‍රධාන භූමිකාව රඟපාන්නෙ මම. එය ලංකාවේ පළමු 3 ෘ චිත‍්‍රපටය. ඔය විදිහට නිර්මාණ කටයුතු සිද්ධ වෙනවා.

ළඟදිම දවසක ජීවිතේ ලොකු වෙනසක් සිද්ධ වෙන්න යනවලූ. ඒක ඇත්තක්ද?

ඇත්ත, ජීවිතේ කියන්නෙ වෙනස් වෙන්න  ඕනෙ දෙයක්නෙ. ඉතින් මගෙ ජීවිතෙත් ටිකක් විතර වෙනස් වුණොත් හොඳයි කියලා මට හිතුණා.

මොකක්ද පුබුදු ඒ වෙනස?

මම තනිකඩ ජීවිතේට තිත තියන්න හිතුවා.

ඒ කියන්නෙ පුබුදු ආදරවන්තයෙක්. කොහොමද ආදර කතාව?

ආදර කතාව හොඳින් ගලාගෙන යනවා.

ඇය කවුද කියන්නකො ඉතින්?

ඇය තරුණියක්. ඇගේ නම නිමාෂා. දැන් නම් ඇයව කවුරුත් හඳුනනවා.

ඒ ඇය රූ රැුජිනක් බවට පත්වුණු නිසාද? කතාවෙ හැටියට නම් ඔබ ඇයව රූ රැුජින කරන්න  ඕනෙකමට එක්තරා මාධ්‍ය ආයතනයකට බලපෑම් කලාලූ?

ඒක හරිම මෝඩ ජෝක් එකක්. මම කිසි කෙනකුට ඒක කිව්වෙ නැහැ. ඔය කියන මාධ්‍ය ආයතනයේ කාටවත්ම මම නිමාෂා ගැන කිව්වෙ නැහැ. ඒත් මේ ආදර කතාව දැනගත්තට පස්සෙ මාධ්‍ය ආයතනයේ අය මට දොස් කිව්වා. ඇයි ඒ ගැන නොකිව්වෙ කියලා.

ඇත්තටම ඔබ ඒ ගැන කාටවත්ම නොකීවෙ, ඇයගෙ ජයග‍්‍රහණය ගැන ඔබ තුළ දැඩි විශ්වාසයක් තිබුණු නිසාද?

සත්තකින්ම මට ඇය ගැන විශ්වාසයක් තිබුණා. ඇය ජයග‍්‍රහණය කරාවි කියන බලාපොරොත්තුව තිබුණා. ඇරත් කියලා ජයග‍්‍රහණය කරගන්න කිසිම  ඕනෙකමක් තිබුණෙ නැහැ. එතන දි සිද්ධ වුණේ සාධාරණ විනිශ්චයක්. ඒක හොඳටම පැහැදිලියි.

ඔබ කොහොමද ඔය තරම් විශ්වාසයෙන් එහෙම කියන්නෙ?

කවුද ජයග‍්‍රහණය කළ යුත්තේ කියලා අහද්දි මුළු  ඕඩියන්ස් එකම කෑ ගැහුවෙ ඇගේ අංකය කියලා. ඉතින් ඇගේ ජයග‍්‍රහණය විනිසුරු මඩුල්ලෙ වගේම පේ‍්‍රක්ෂකයන්ගෙන් තීරණය වෙලා අවසානයි.

ප‍්‍රමාද වෙලා හරි ඔබ දැන් නියම ට‍්‍රැක් එකට වැටිලා?

ඔව්. දැන් තනිකඩව හිටියා ඇති. ජීවිතේ වෙනසක්  ඕනෙ කියලා මං හිතුවා. දැන් මම ඒ වෙනසට සූදානම්.

No comments