Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ඇගේ ඇස අග චිත්‍රපටයේ සඳලි, අනෝමා ජිනාදරීගෙයි හඳගමගේ යි දුව ද

ඇගේ ඇස අග චිත්‍රපටයේ ස්වරණා මල්ලවආරච්චි ගේ දුව විදියට රඟපාන පොඩි ගෑණු ළමයාගේ නම චිත්‍රපටය පටන් ගනිද්දි තිරයේ වැටෙන්නෙ සඳලි ඈශ් කියලා. හ...

ඇගේ ඇස අග චිත්‍රපටයේ ස්වරණා මල්ලවආරච්චි ගේ දුව විදියට රඟපාන පොඩි ගෑණු ළමයාගේ නම චිත්‍රපටය පටන් ගනිද්දි තිරයේ වැටෙන්නෙ සඳලි ඈශ් කියලා.

හැබැයි ආයෙම ඉන්ග්ලිෂ් සබ්ටයිට්ල්ස් සඳනි හඳගම කියලා වැටෙනවා. සඳනි ඈශ්, සඳනි හඳගම කියලා කියන දෙන්නම එක්කෙනෙක්. ඒ තමයි හඳගමගේ දුව.

මේ රඟපාන්නෙ තමන්ගේ දුව කියලා පොඩ්ඩක් හංගලා ගහන්න ට්‍රයි කළත් ඒක සාර්ථක වෙන්නෙ නෑ. කොහොම හරි ස්වර්ණා එක්ක ඉතාම දක්ෂ රංගනයක නියැලෙන සඳලි කුඩා දැරියකගේ චරිතයක් කළත් ඇය මේ වන විට පාසල් ගමන නිමා කරලා විශ්වවිද්‍යාල අධ්‍යාපන හදාරමින් ඉන්න තරුණියක්.

ඇගේ ඇස අග සෙට් එකේදි සඳලි හිතාගෙන ඉන්නේ තාත්තා එයාට තාත්තා වගේ ආදරෙන් හැමදේම කියාදෙයි කියලා. ඒත් ඒක එහෙම වුණේ නෑ කියලා සඳලි කියනවා. සඳලි කියන්නෙ තාත්තා සෙට් එකේදි කොහොමත් වෙනස්, සැරයි, ටිකක් එක විදියක්. ඒ නිසා තාත්තා එයාටත් බැන්න කියලා.

කොහොම හරි සඳලිව දක්ෂ ලෙස හසුරවගන්න හඳගමට පුළුවන් වෙලා කියලා චිත්‍රපටය බැලුවම තේරුම් ගන්න පුළුවන්. සඳලි කියන්නෙ පිය උරුමයෙන් විතරක් නෙවෙයි මව් උරුමයෙනුත් රඟපෑම උරුම කෙනෙක් නිසා ඒක එහෙම වෙන්න ඕන නේ.


No comments