Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

හොරෙන්ම ඉන්ද්‍රචාපා - සමනලී විවාහ වෙයි !

මේ දවස්වල සමනලී ගොඩක් සතුටින් ඉන්නවයි කියලා අපට දැනගන්න ලැබෙනවා. ඒ ඇගේ මිතුරකුගෙන් ලද සුවිශේෂී තිළිණයක් නිසාලූ. ඉතින් ඒ  ගැන දැනගන්න අප...



මේ දවස්වල සමනලී ගොඩක් සතුටින් ඉන්නවයි කියලා අපට දැනගන්න ලැබෙනවා. ඒ ඇගේ මිතුරකුගෙන් ලද සුවිශේෂී තිළිණයක් නිසාලූ. ඉතින් ඒ  ගැන දැනගන්න අපි සමනලීට කතා කළා. 


මේ දවස්වල ඔබගෙ නිර්මාණ කටයුතු කෙරෙන්නෙ කොහොමද කියලම අපි මේ කතා බහ පටන් ගනිමු.

මේ දවස්වල ‘කොළඹ අපි ආවා’ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් සිද්ධ වෙනවා. ජුනි මාසෙ 31 වනදා ඉඳලා ස්වාධීන රූපවාහිනියේ විකාශනය වෙනවා. මේ දවස්වල ඒ නිර්මාණයට තමයි දායක වෙන්නෙ.
පසුගිය වසරේ පැවති ජාත්‍යන්තර සිනමා උළෙලේ දී ප‍්‍රදර්ශනය වූ ඔබගෙ චිත‍්‍රපට වෙනුවෙන් හොඳ ප‍්‍රතිචාර ලබනවා.

තාමත් ලංකාවේ සිනමා ශාලාවල ප‍්‍රදර්ශනය නොවූ ඒ චිත‍්‍රපට සම්බන්ධව ඔබට මොනවද හිතෙන්නෙ?

මා රඟපෑ චිත‍්‍රපට හතක් එන්න තියෙනවා. ඒ අතුරෙන් ‘මෝටර් බයිසිකල්’ චිත‍්‍රපටය මේ අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ දී තිරගත වීමට නියමිතයි. සමහර විට ‘පේ‍්‍රමය නම්’ චිත‍්‍රපටය සහ ‘හුදෙකලාව’ චිත‍්‍රපටයත් මේ අවුරුද්දේම තිරගත වෙයි. ඊට අමතරව ‘බහුචිතවාදියා’ තිරගත වෙන්නට තියෙනවා. මේ අවුරුද්දේ සංජය පුෂ්පකුමාරගෙ ‘දැවෙන විහඟුන්’ සහ චින්තන ධර්මදාසගෙ ‘ඇවිළෙන සුලූයි’ චිත‍්‍රපට දෙක රූගත කළා. ඒ හැමෙකක්ම ඉදිරියේ දී බලා ගන්නට පුළුවන් වෙයි.  ඔය චිත‍්‍රපට කිහිපයක්ම ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය කළා.

ඔබ චිත‍්‍රපට තෝරා ගැනීමේ දී කලාත්මක චිත‍්‍රපට කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වනවා. ඒ ඇයි?

කලාත්මක, වාණිජ කියන ප‍්‍රශ්නයට වඩා මම බලන්නෙ නිර්මාණය කෙතරම් දුරට සාර්ථකද කියන එක. කතාව මොකක්ද, මා ලද චරිතය තුළ මට යමක් කළ හැකිද, අධ්‍යක්ෂවරු කවුද කියන කාරණා පිළිබඳව මම හිතනවා. නමුත් ලංකාවේ බොහෝ වාණිජ චිත‍්‍රපට අසාර්ථකයි. මේ යුගයේ  ‘ප‍්‍රවේගය’ චිත‍්‍රපටය සාර්ථක වුවත් ගොඩක් වාණිජ චිත‍්‍රපට අසාර්ථක වුණයි කියලා මම හිතනවා. ඒ බෙදීම ඇති වෙලා තියෙන්නෙ එහෙම තැනකින්. නැතිව මගේ තෝරා ගැනීමේ ප‍්‍රශ්නයක් නෙවෙයි.

ඔබ තෝරා ගන්නා බොහෝ නිර්මාණ තුළ පොලිටිකල් ලයින් එකක් තියෙනවා. ඇයි ඔබ එවැනි නිර්මාණ කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වන්නෙ?

පොලිටිකල් කියන දේ නිර්මාණයකට වැදගත්. ගොඩක් වෙලාවකට දේශපාලනික ප‍්‍රවේශයකින් තමයි හොඳ චිත‍්‍රපටයක් ගොඩනැගෙන්නෙ. මං හිතන්නෙ කොහොමත් නිර්මාණයක් දේශපාලනික විය යුතුයි. අපි කතා කරන කලා කෘතිය ඇතුළෙ දේශපාලනික හැසිරවීමක් තිබිය යුතුයි.

මියුසික් වීඩියෝ පැත්තටත් නැඹුරුවක් දක්වපු ඔබ ඉන්ද්‍රචාප සමඟින් කළ මියුසික් වීඩියෝව මිනිසුන් අතරට ගියා කියලා හිතනවද?

මියුසික් වීඩියෝ තුනක්වත් මම කරලා නැහැ. ඉන්ද්‍රචාප එක්ක කරපු මියුසික් වීඩියෝව පේ‍්‍රක්ෂකයන් අතරට ගියේ නැහැයි කියලා තමා මම හිතන්නෙ. ඒක අඩුම තරමෙ රූපවාහිනියේවත් ගියේ නෑනෙ.

ඇත්තටම ඔබ එතන දී අසාර්ථක වුණා කියලා හිතෙන්නෙ නැතිද?

මං හිතන්නෙ ඒක සංගීතමය පැත්තේ ප‍්‍රශ්නයක්. බොහෝ වෙලාවට නිතරම රේඩියෝවෙන් ඇසෙන රූපවාහිනියෙන් දකින දේනෙ වැලඳගන්නෙ. මං හිතන්නෙ එතැන දී සිද්ධ වුණේ  මං අසාර්ථක වීම නෙවෙයි. සංගීතය පැත්තෙන් අසාර්ථකවීමක් කියලා.

ඉන්ද්‍රචාප කියන්නෙ කුඩා කාලයේ ඉඳලාම ඔබගෙ යහළුවෙක්. ඒ මිතුදම අදටත් ඔබලා ළඟ තියෙනවා. ඒ මිතුරු කමක් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න ලැබීම ගැන මොකද හිතෙන්නෙ?

ඔබ ඉන්ද්‍රචාප ගැන ඔය තරමටම මගෙන් අහන්නෙ ඇයි. ඉන්ද්‍රචාපා කියන්නෙ කුඩා කාලයේ ඉඳලම එකට හැදුණු මගේ යහළුවෙක්. විදර්ශන කන්නන්ගර, චරිත් සේනාධීර, කෞශල්‍ය කුමාරසිංහ, චාමර අපි හැමෝම පොඩිකාලේ ඉඳලා එකට වැඩ කළා. අදටත් අපි හැමෝම නිර්මාණ කටයුතුවල දී පොඞ්ඩ පොඞ්ඩ හරි මුණ ගැහෙනවා.

මේ දවස්වල ඔබ ගොඩක් සතුටින්ලූ ඉන්නෙ. ඔබගෙ මිතුරාගෙන් ලද සුවිශේෂී තිළිණය නිසාද?

මං හිතන්නෙ මගේ පෞද්ගලික ජීවිතය ගැන කතා කරන්න, මාධ්‍යයට උත්තර බඳින්න අවශ්‍යතාවක් නැහැ. ඒ මගේ පෞද්ගලික ජීවිතය.

පක්ෂ දේශපාලනයටත් පසුගිය දිනවල ඔබ කි‍්‍රයාකාරීව සහභාගි වුණා?

මං හිතන්නෙ අපි පක්ෂයක් වෙනුවෙන් වැඩ කළේ නැහැ. ඒ මොහොතේ තිබුණු දේශපාලන වාතාවරණය වෙනස් කරන්න ඒ ¥ෂිත ඒකාධිපති පාලනය පරාජය කරන්න තමයි අපි එකතු වුණේ. ඒ මොහොත වන විට සමාජ කි‍්‍රයාකාරීන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, වෘත්තීය සමිති, කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් ඒ ¥ෂිත ආණ්ඩුව පරාජය කරන්න වැඩ කරමින් හිටියා.

අද ලංකාවේ පවතින කලාව පිළිබඳ බොහෝ දෙනෙක් කලකිරීමෙන් කතා කරන මොහොතක ඔබ කොහොමද ඒ ගැන හිතන්නෙ?

මම හිතන්නෙ නෑ කලාවෙ කලකිරෙන්න දෙයක් තියෙනවයි කියලා. ඉතාම දක්ෂ නිර්මාණකරුවන් බිහිවෙමින් පවතිනවා. ලංකාව ඇතුළෙ කලාව ගැන දැනුම ඇති අය ඉන්නවා. තව පිරිසක් පිටරට ගිහින් කලාව ගැන ඉගෙන ගෙන ඇවිත් කලාව වෙනුවෙන් මෙහෙවරක යෙදෙනවා. කැමරා ශිල්පියාගෙ පටන් අධ්‍යක්ෂවරයා, රංගන ශිල්පීන් දක්වා හැබෑම දක්ෂයන් බිහි වෙමින් ඉන්නවා. ඉතින් ඉදිරියට හොඳ දෙයක් සිද්ධ වෙයි කියලා හිතනවා.

No comments