Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

‘පරම්පරා ගාණක් හොරකම් කරපු සල්ලි විපතට පත් අයට දෙන්න’ මරික්කාර් ජනතා නියෝජිතයන්ට කියයි

  ‘ගංවතුර නිසා කොළොන්නාව ප්‍රදේශයේ ආර්ථීකය සම්පූර්ණයෙන්ම කඩා වැටිලා තියෙනවා. ආර්ථිකය යළි නගා සිටුවන්න නම් කුඩා වෙළද ව්‍යාපාර, වෙල්ඩින් ෂ...


 ‘ගංවතුර නිසා කොළොන්නාව ප්‍රදේශයේ ආර්ථීකය සම්පූර්ණයෙන්ම කඩා වැටිලා තියෙනවා. ආර්ථිකය
යළි නගා සිටුවන්න නම් කුඩා වෙළද ව්‍යාපාර, වෙල්ඩින් ෂොප්,ත්‍රී රෝද රථ රියදුරන්ට ආදි ස්වයං
රැකියා කරපු අයට අතුලුව සියලුමව ජනතාවටගේ ජීවන මට්ටම නැවත නගා සිටුවන්න ණය ක්‍රමයක්
හෝ ආධාර ක්‍රමයක් ඇති කරන්න ගරු අග්‍රාමාත්‍යතුමා එකග වෙලා තියෙනවා. ඒකට සමාන්නතරව
දරුවන්ගේ අධ්‍යාපන කටයුතු යථා තත්වයට පත් කරන්න අවශ්‍යයි. එමෙන්ම යටිතල පහසුකම් ද මීට
සමගාමීව සංවර්ධනය කරන්න අවශ්‍යයි. නැවත කැළණි ගග ගැලුවාම මෙවැනි විපතක් නොවෙන්න
වතුර බැහැලා යන්න පුලුවන් විදිහට පාරවල්, කාණු සහ ඇළ මාර්ග පද්ධති හදලා අනවසර ඉදි
කිරීම් හා ගොඩ කිරීම් නවත්තලා මේ ප්‍රදේශය සංවර්ධනය කරන්න හොද අවස්ථාවක් අපිට. අපි
නිර්මාණශිලී මිනිසුන් වෙන්නේ මේ දේ අපි ජයග්‍රහණය කලොත් තමයි’ බව පාර්ලිමේන්තු මන්ත්‍රී
එස්.එම්.මරික්කාර් මහතා කොළොන්නාව ආසනයේ බ්‍රැන්ඩියාවත්ත, වෙන්නවත්ත, බුත්ගමුව, අඹගහ
හන්දිය, සේදවත්ත, කැලණිමුල්ල, වෙලේවත්ත, කැළණිමුල්ල, යන ප්‍රදේශවල ගංවතුරෙන් විපතට පත්
ජනතාව අතරේ වියළි ආහාර පාර්සල් 3000 ක් බෙදා දීමේ උත්සවයකදී සදහන් කරන ලදී.
මේ දින වල එකාබද්ධ විපක්ෂය මගින් ගෙන යන අසත්‍ය ප්‍රචාර සම්බන්ධද මන්ත්‍රීවරයා වැඩිදුරටත්
සදහන් කරන ලදී. ‘
ඒකාබද්ධ විපක්ෂය කියනවා රටේ ආර්ථිකය වැටිලලු. සාමාන්‍යෙයන් ලෙඩ උනාම
කසාය බෙහෙත් බොන්න අවශ්‍යයි. කසාය බිව්වම තමයි සනීප වෙන්නේ. ඒ නිසා අබ්බගාත වෙච්ච
ආර්ථිකය අපි අරගෙන තියෙනවා . ඒ ආර්ථිකය තිත්ත බෙහෙත් දීලා හරියට හදලා ලබන අවුරුද්දේ
අගොස්තු වෙනකොට මුදල් අතමිට ගැවසෙන සාමජයක් නිර්මාණය කරන එක අපේ වගකීමයි. ඒ
නිසා මේ අය හදන්නේ කකුල් මාට්ටු දාලා යටි කූට්ටු වැඩ කරලා මේවා පරාජයට පත් කරලා මේ රටේ
ආර්ථිකය කාබාසිනියා කරලා දාන්න. එක කරුණක් තියෙනවා ඒකාබද්ධ විපක්ෂයේ උදවිය ගාව
තියෙනවා පරම්පරා ගණනාවකට හොරකම් කරපු සල්ලි ඉතින් ඒවා පුලුවන්නේ ආධාර දෙන්න. ඒ කිසි
කෙනෙක් දෙන්නේ නෑ නේ. රජයෙන් දෙනකම් බලාගෙන ඉන්නාවානේ.ඒකාබද්ධ විපක්ෂයේ හැම
ඇමතියා ගාවම තියෙනවා පරම්පරා 10 කට විතර සල්ලි මේ කොහෙන්ද මේවා මහජනතාවගෙන්
හොරකම් කරපු සල්ලි. ඒ සල්ලි මේ විපතට පත් ජනතාවට ලබා දෙන්න කියලා ඉල්ලනවා බොරුවට
ආණ්ඩුව විචේචනය නොකර.
ඒ වගේම ඒකාබද්ධ විපක්ෂයේ ඉන්නවා ආර්ථික ඔස්තාර්ලා කීප දෙනෙක්. ඒ ගෝල්ලෝ කියනවා
එයාල හිටියානම් ජනතාවට හැමදේම දෙනවා කියලා. කාර් , වෑන්, ලොරි , බයික් දීලා කියලා. අපි
දැක්කනේ ඒකාබද්ධ විපක්ෂයේ නායකතුමා ආණ්ඩුව කරන කාලේ හැටි ළමයි වඩා ගත්තාම ඊළග
දවසේ කිරි පැකට් එකේ මිල වැඩි වුනා. ක්‍රිකට් තරගයකින් ලංකාව දිණුවොත් ඊළග දවසේ බඩු මිල
වැඩි වෙනවා. ආර්ථිකය කාබාසිනියා කරලා අපේ රටේ ආර්ථිකයට තිත්ත බෙහෙත් බොන්න වෙන
තත්වයට පත් කළේ එයාලයි. එයාලා ආර්ථිකය කාබාසිනියා කරලා බයික් එකක් තියා පුට් සයිකල්
එකක් ගන්න බැරි තත්වයකටයි ආර්ථිකය පත් කරලා තිබුනේ. ඒ නිසා අපි කියනවා ඒකාබද්ධ
විපක්ෂයට බොරු මත පතුරවමින් ජනතාව කුපිත නොකර යහපත් දේශපාලන ගමනක් යන්න කියලා.’
















No comments