Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

19වන ව්‍යවස්ථා සංශෝධනය නිසා රට අවුල් වුණා

පසුගිය රජය විසින් අත්තනෝමතික ලෙස 19 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම නිසා රට තුළ අවුල්සහගත තත්ත්වයක් නිර්මාණය වී ඇති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝ...

පසුගිය රජය විසින් අත්තනෝමතික ලෙස 19 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම නිසා රට තුළ අවුල්සහගත තත්ත්වයක් නිර්මාණය වී ඇති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසයි.

අහුන්ගල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක අද (26) පැවැති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපති ධුරයට පත් වීමට නොහැකිවන ලෙස එම සංශෝධන සිදු කර ඇති බවත් තමන්ට සහ බැසිල් රාජපක්ෂ මහතාට ඡන්දයට ඉදිරිපත් වීමට නොහැකි වන ලෙස යම් යම් සංශෝදනයන් පමණක් සිදු කර ඇති බව හිටපු ආරක්ෂ ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

එමෙන්ම ආණ්ඩුවක් විසුරුවීමේ අයිතිය ජනාධිපති සතුව තිබෙන බවද ඔහු පැවසුවහ.

No comments