Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ජනපතිට එරෙහිව හිටපු සම්බන්ධීකරණ ලේකම්වරයෙක්ගෙන් නඩුවක්

ඔක්තෝබර් 26 වෙනි දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පදවියෙන් ඉවත්කිරීම සහ මහින්ද රාජපක්ෂ මහතා අගමැ...

ඔක්තෝබර් 26 වෙනි දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පදවියෙන් ඉවත්කිරීම සහ මහින්ද රාජපක්ෂ මහතා අගමැති පදවියට පත්කිරීම නීති විරෝධී යයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම, අතුරු නියෝගයෙන් අනතුරුව පාර්ලිමේන්තුව යළි රැස්කිරීම සහ මහින්ද රාජපක්ෂ දිගටම අගමැති ධුරය දැරීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කරතිබෙන නමුත්, අගමැතිවරයා පදවියෙන් පහකර නව අගමැතිවරයෙකු පත්කිරීම සම්බන්ධයෙන් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වූ පළමු වතාව මෙය වේ.

සිය නීතිවේදීන් මාර්ගයෙන් පෙත්සම ඉදිරිපත් කර තිබෙන්නේ ජනාධිපතිවරයාගේ හිටපු සම්බන්ධීකරණ ලේකම්වරයෙකු සහ ජනාධිපති මාධ්‍ය අංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු වන ඕෂල හේරත් මහතා විසිනි.

පෙත්සම විභාග කොට අවසන් වනතුරු මහින්ද රාජපක්ෂ මහතා අගමැති පදවියට පත් කිරීම, එවකට පැවති කැබිනට් මණ්ඩලය විසුරුවා හැරීම, ඔක්තෝබර් 26 වෙනි දිනට පසුව "වැරදි ආකාරයට" කැබිනට් මණ්ඩලය පත්කිරීම අත්හිටුවමින් අතුරු නියෝග නිකුත්කරන මෙන් එම පෙත්සම මගින් ඉල්ලා තිබේ.

එසේම, එක්සත් ජනතා නිදහස් සන්ධානය "ජාතික ආණ්ඩුවෙන්" ඉවත් වීමෙන් අනතුරුවත් රනිල් වික්‍රමසිංහ මහතා දිගටම රටේ අගමැති පදවිය දරන බව නියෝග කරන මෙන් ද පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියි.

No comments