Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ඩුබායිවලින් පිටුවහල් කළ නදීමාල් CID අත්අඩංගුවට…

සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් නායක මාකඳුරේ මධූෂ් සමඟ ඩුබායි හිදී අත්අඩංගුවට ගත් ගායක අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා සහ තවත් පුද්ගලයෙකු එර...

සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් නායක මාකඳුරේ මධූෂ් සමඟ ඩුබායි හිදී අත්අඩංගුවට ගත් ගායක අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා සහ තවත් පුද්ගලයෙකු එරටින් පිටුවහල් කර තිබේ.

ඒ අනුව ඔවුන් දෙදෙනා ෆ්ලයි ඩුබායි ගුවන් සේවයට අයත් එෆ්.ඉසෙඩ්. 547 දරන ගුවන් යානයෙන් අද උදෑසන 06.15 ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත පැමිණ ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

ඔවුන් කටුනායක ගුවන් තොටුපලේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පිටුවහල් කර ඇති අනෙක් පුද්ගලයා වන්නේ ලලිත් කුරේ නමැති හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයෙකි.

පාතාල නායක මාකදුරේ මධුෂ් විසින් පවත්වන ලද සාදයකට සහභාගී විසිටියදී මාකදුරේ මධුෂ් ඇතුළුව ගායන ශිල්පී අමල් පෙරේරා, රංගන ශිල්පී රයන් වැන්රයන් ඇතුලු 31ක් ඩුබායි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබින.

සෙසු පිරිස තව දුරටත් එරට අත්අඩංගුවේ පසුවේ.

No comments