Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ශ්‍රී ලංකාව ISISට අයත් භූමියක් ලෙස ප්‍රකාශ කරලා

අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානය විසින් මෙරට එම සංවිධානයට අයත් භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවට බුද්ධි තොරතුරු ලැබී ඇති බව සඳහන් කරමි...

අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානය විසින් මෙරට එම සංවිධානයට අයත් භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවට බුද්ධි තොරතුරු ලැබී ඇති බව සඳහන් කරමින් ගුවන් හමුදා බුද්ධි අංශය ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසු වන ලෙසට සඳහන් නිවේදනයක් සමාජ මාධ්‍ය ජාලාවල සඳහන්ව තිබිණි.

කොළඹ ගුවන් හමුදා මූලස්ථාන, බුද්ධි අධ්‍යක්ෂ කාර්යාලයේ විසින් මීට අදාළ ලිපිය පෙරේරා (23දා) දින නිකුත් කර ඇත.

මෙරට භූමිය සිය පාලනයට නතු කර ගැනීම සඳහා අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානය විසින් මෙහෙයුම් සැලැසුම් කර ඇති බවත් එම මෙහෙයුම් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවත් එම ලිපියෙහි සඳහන් කර තිබේ.

එම අරමුණ සඳහා තවදුරටත් මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීම, ක්‍රිස්තියානි කතෝලික ප්‍රජාව ඉලක්ක කර ගෙන ප්‍රහාර එල්ල කිරීම, විදේශිකයන් රැඳී සිටින ස්ථානවලට ප්‍රහාර එල්ල කිරීම, රජයේ පෞද්ගලික දේපළවලට හානි සිදු කිරීම, ජනතාව වැඩි වශයෙන් එක් රැස් වන ස්ථානවලට ප්‍රහාර එල්ල කිරීම ආදී ත්‍රස්ත ක්‍රියා සිදු කිරීමට නියමිත බවට තොරතුරු ලැබී ඇති බවද එම ලිපියෙහි වැඩිදුරටත් සඳහන්ය.

මෙම ලිපිය පිළිබඳව විමසූ විට ගුවන්හමුදා මාධ්‍ය අංශය මෙම පුවත තහවුරු කිරීමක් හෝ බැහැර කිරීමක් සිදුකළේ නැත.


No comments