Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

බදුයුදීන්ගේ විශ්වාස භංගය පොහොට්ටුව මගහරියි : බැසිල්ගේන් විරෝධයක් ?

රිෂාඩ් බදුයුදීන් අමාත්‍ය අමාත්‍යවරයා ඉවත් කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරුලියේ රතනහිමියන් ගෙන ඒමට යෝජිත විශ්වාසභංගයට ඒකාබද්ධ විපක්ෂයේ සහ...

රිෂාඩ් බදුයුදීන් අමාත්‍ය අමාත්‍යවරයා ඉවත් කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරුලියේ රතනහිමියන් ගෙන ඒමට යෝජිත විශ්වාසභංගයට ඒකාබද්ධ විපක්ෂයේ සහයෝගය ලබා නොදීමට තීරණය කර ඇති බව එහි උපසභාපති, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා පැවැසීය.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීමට කටයුතු කළ අතුරුලියේ රතන හිමියන්ට වත්මන් ත්‍රස්තවාදය පරාජය කිරිමට කිසිම යෝජනාවක් ගෙන ඒමට අයිතියක් නොමැති බවත් ඔහු ප්‍රකාශ කළේය.

“අතුරලියේ රතන හාමුදුරුවෝ වැනි උදවිය කියනවා රිෂාඩ් බදුයුදීන් ඇමතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එනවා කියලා. රිෂාඩ් බදුර්දින් ඇමතිවරයා පළවා හැරීම සම්බන්ධයෙන්යෙන් අපිට කිසිම ගැටලුවක් නෑ. ඔහු අන්තවාදීන් පෝෂණය කළ පුද්ගලයෙක්. ඔහුට එරෙහිව රජය විසින් කිසිදු පියවරක් ගන්නෙ නෑ. ඒත් සඳහා සියලු සාක්ෂි තිබෙනවා. මේ විතරක් නෙමෙයි අන්තවාදය වපුරනවාන්නේ උත්සහ කරපු සියළුම මුස්ලිම් අන්තවාදී නායකයින් ගැන අපගේ බරපතළ ගැටලුවක් තිබෙනවා. නමුත් මේ සියලු කටයුතුවල මූලාරම්භය වුනේ 2015 ජනවාරි අටවෙනි දින මෙරට විජාතිකයන්ට පාවා දෙන ආකාරයට ගල් ලෙන බිඳලා ලෙන්දොර ඇරලා මහින්ද රාජපක්ෂ එළියට අරගෙන්මහින්ද රාජපක්ෂ මහතා පරාජය කරන්න මුල් වෙච්ච අතුරලියේ රතන හා හාමුදුරුවන්ට මේ ත්‍රස්ත ත්‍රස්තවාදී පරාජය කරන්න කිසිදු අයිතියක් නෑ. ඒ නිසා උන් වහන්සේ ගෙන එන කිසිදු යෝජනාවකට අපගේ සහය සහයෝගයක් නෑ. ඒක වගකීමෙන් යුක්තව කියන්න ඕන.”

බැසිල්ගේ විරෝධය
මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ රිෂාඩ් බදියුදින් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් එම පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා විරුද්ධත්වය පල කළ බවට ප්‍රචාරයවන අදහසෙහි කිසිදු සත්‍යතාවක් නොමැතිබව ඉතා වගකීමෙන් ප්‍රකාශ කරන බවයි.

ඊයේ (14) උදෑසන පැවැති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේ දී ඉහත කාරණාව සම්බන්ධයෙන් කරුණු සාකච්ඡාවට ගෙන ඇති නමුත් එහි දී රිෂාඩ් බදියුදින් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා වාචිකව හෝ ඉගියකින් හෝ කිසිදු ආකාරයක විරුද්ධත්වයක් ප්‍රකාශ කර නොමැති බව එම නිවේදනයේ සඳහන් වේ. එබැවින් බැසිල් රාජපක්ෂ මහතා විසින් විශ්වාසභංග යෝජනාවට විරුද්ධත්වය පල කළ බවට පැතිරයන අසත්‍ය ප්‍රකාශය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තරයේ ප්‍රතික්ෂේප කරන බවද එහි සඳහන් විය.

No comments